zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ලොව විශාලතම න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය ජපානයෙන්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


අත්හදා බැලීම් සඳහා වන ලොව විශාලතම න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය පසුගිය සතියේ ජපානයේ එළි දුටුවා. දැනට ළදරු වියේ පවතින න්‍යෂ්ටික විලයනය අනාගතයේ මිනිසාගේ ප්‍රමුඛ බලශක්ති සැපයුම දක්වා රැගෙන යන ගමනේ සුවිශේෂ සංධිස්ථානයක් වශයෙන් මෙය හඳුන්වා දිය හැකියි. JT-60SA යනු එහි නමයි.

දැනට බලශක්ති උත්පාදන න්‍යෂ්ටික බලාගාර බොහෝමයක් තිබුණත් ඒ සියල්ලම බලගැන්වෙන්නේ න්‍යෂ්ටික විඛණ්ඩනයෙන්.

JT-60SA හි අරමුණ වන්නේ විලයනය සුරක්ෂිත හා ප්‍රායෝගික ලෙස කාබන් විමෝචනයකින් තොර මහා පරිමාණ බලශක්ති මූලාශ්‍රයක් බවට පත් කරීම සඳහා අත්හදා බැලීම්වල නිරත වීමයි. වෙනත් අයුරකින් කිවහොත් ආදානය කරන ශක්තියට වඩ‍ා වැඩි, ප්‍රමාණවත් ශක්තියක් ප්‍රතිදානය කර ගැනීමයි.

තට්ටු හයක් උස ගොඩනැඟිල්ලක් තරම් වන මේ සුවිසල් යන්ත්‍රය ‍තෝකියෝහි උතුරු නකාවේ පිහිටා ඇති අංගණයක ඉදි වී තිබෙනවා. එය ඉදිකෙරී ඇත්තේ යුරෝපානු සංගමයේ සහ ජපානයේ සහයෝගී ව්‍යාපෘතියක්‍ ලෙසයි. එම ව්‍යාපෘතියට ම අයත් ව තවත් න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකයක් ප්‍රංශයේ ඉදි වෙමින් පවතිනවා. International Thermonuclear Experimental Reactor හෙවත් ITER ‍ලෙස නම් කර ඇති එය ඉදිවූ විට ජපානයේ JT-60SA දෙවැනි තැනට ඇද දමමින් ලොව විශාලතම න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය බවට පත් වනු ඇති.

Science Alert ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!