zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අභ්‍යවකාශයේ දී නැති වූ තක්කාලි ගෙඩිය සොයාගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ මාස අටකට පමණ පෙර අතුරුදන් වූ තක්කාලි ගෙඩියක කොටස් යළි සොයාගෙන තිබෙනවා.

අතුරුදන් ව තිබූ තක්කාලි ගෙඩිය නෙළාගෙන තිබුණේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ වගා කළ තක්කාලි ගසකින්. Veg-05 experiment නම් පරීක්ෂණයට අදාළ ව රෝපණය කරන ලද එහි ඵලදාව ISS ගගනගාමීන් අතරේ බෙදා දී තිබුණා. මේ අතරින් NASA ගගනගාමී Frank Rubio වෙත පිරිනැමුණු තක්කාලි ගෙඩියයි එසේ අතුරුදන් වී තිබුණේ. ඔහු එය කුඩා සිප්ලොක් බෑගයක බහා තිබූ නමුත් එය කෑමට ගැනීමට පෙර ම බෑගයත් සමග ම අතුරුදන් වී තිබුණා.

මේ සුළු සිදු වීම අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ රසවත් විහිළුවක් බවට පත් ව තිබුණා. පසුගිය ඔක්තෝබර් 13 වැනි දා Rubio යළි පොළොවට පැමිණි පසු ජනමාධ්‍යවේදීන් ඔහුගෙන් මේ ගැන විමසා තිබුණා. ඔහු එහි දී පවසා තිබුණේ ‘පැය 18ක් 20ක් එය සොයාගන්නට වෙහෙසුණත්’ නැති වූ තක්කාලි ගෙඩිය හමු නො වූ බවයි. (බොහෝ විට ඔහු මෙතරම් වැඩි පැය ගණනක් හුවා දක්වන්නට ඇත්තේ උත්ප්‍රාසයක් ඇති කිරීම සඳහා විය හැකියි.)

‘ඇත්තම කතාව කිව්වොත් අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඇතුළේ වායුගෝලීය තෙතමනය 17%යි. ඒක බොහෝ විට හඳුනාගන්නත් බැරි වන තරමට වේලිලා ගිහින් ඇති.’ Rubio සඳහන් කර තිබුණා.

පසුගිය දෙසැම්බර් 06 වැනි දා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සිය 25 වැනි උපන්දිනය සැමරුවා. ඒ නිමිත්තෙන් සංවිධානය කෙරුණු සජීව විකාශයක් අතරතුර NASA ගගනගාමිනී Jasmin Moghbeli තක්කාලි ගෙඩියේ අතුරුදන් වීම විසඳුණු බව සඳහන් කළා. ‘දැනටත් ගෙදර ගිහින් ඉන්න අපේ හොඳ මිත්‍රයා Frank Rubio තක්කාලි ගෙඩිය හොරාට කෑවා කියලා නිතර අැනුම්පද ඇහුවා. හැබැයි අපට දැන් එයාව නිදොස් කොට නිදහස් කරන්න පුළුවන්. අපට තක්කාලි ගෙඩිය හම්බවුණා.’ ඇය සඳහන් කර සිටියා.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!