zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Ariane 6 පළමු පියාසැරිය 2024 ජූනි මාසයේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය (ESA) වෙනුවෙන් Arianespace සමාගම නිෂ්පාදනය කළ Ariane 6 රොකට්ටුවේ මංගල මෙහෙයුම් පියාසැරිය 2024 ජූනි 15ට පෙර සිදු නො වනු ඇති බව එහි අත්හදා බැලීම් කණ්ඩායම සහ බලධාරීන් විසින් ඉකුත් දා නිවේදනය කරනු ලැබුණා. එම පළමු මෙහෙයුමේ අයබර ලෙස NASAහි චන්ද්‍රිකා දෙකක් ද ඇතුළු කුඩා චන්ද්‍රිකා කිහිපයක් අඩංගු වනු ඇති බව ඔවුන් සඳහන් කර තිබුණා.

මෙසේ Arine 6හි සංවර්ධනය ඉක්මන් වී තිබෙන්නේ වසර හතරක් තිස්සේ හටගත් ප්‍රමාද වීම් ගණනාවකින් අනතුරු ව යි. එම අධි බර ධාවන රොකට්ටුවේ ආකෘතියක් ඉකුත් සතියේ දියත් කිරීමේ පුවරුව මත සිය ප්‍රථම එන්ජින් පරික්ෂා කිරීම සිදු කළා. ESA අධ්‍යක්ෂ Josef Aschbacher සඳහන් කළේ එය අභ්‍යවකාශ තරණයේ සැතපුම් කණුවක් බවයි

  සැලකිය යුතු අන්දමේ ගැටලුවකින් තොර ව සියල්ල සාමාන්‍ය අන්දමින් සිදු වන බව උපකල්පනය කළොත් ලබන වසරේ ජූනි 15 සහ ජූලි 31 අතර Ariane 6 රොකට්ටුව මංගල පියාසැරිය සිදු කරනු ඇති’ Aschbacher නොවැම්බර් 23 දා සඳහන් කර තිබුණා. කෙසේ නමුත් ඔහු අනතුරු ව සඳහන් කර තිබුණේ මේ සියල්ල ‘රොකට් සයන්ස්’ වන නිසා තවත් පමා වීමක් හෝ කිහිපයක් බලාපොරොත්තු විය හැකි බවයි.

Ariane 6 පුරවන්නට යන්නේ වසර මැද දී විශ්‍රාම යැවුණු Ariane 5 අධි බර එසැවුම් රොකට්ටුව ඉතිරි කළ අඩුවයි. ESA අභ්‍යවකාශ මෙහෙයුම් අතරේ පුරාවෘතයක් බඳු Ariane 5 වසර 25ක අඛණෟඩ සේවයක් සපයා දුන්නා. එහි කැපී පෙනෙනන මෙහෙයුම් කිහිපයක් ලෙස ජේම්ස් වෙබ් දුරේක්ෂය, JUICE සහ Rosetta අභ්‍යවකාශ යානා අභ්‍යවකාශගත කිරීම් හඳුන්වා දිය හැකියි.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!