zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී දරුවෙක් පිලිසිද ගන්න අවශ්‍ය තත්වයන් සියල්ල සැපිරිලා තිබීම පමණක් මදි. දරුවො හදන්න නම්, ඒකට ඒ දෙමාපියෝ සූදානම් වෙන්න ඕන. ශාරීරිකව සහ මානසිකව විතරක් නෙවෙයි, සමාජයීය වශයෙන් ආර්ථිකමය වශයෙන් වුනත් ඒ කර්තව්‍යයට සූදානම් නම් විතරක් දරුවෝ දරුවෝ හදන එක තමයි දරුවන්ට හොඳ.

දැන් ඔය ඔක්කොම සැපිරිලා දරුවෙක්ව හැදුවා කියමුකො. හැබැයි ඒත් මදි. දරුවාව හදාවඩා ගන්න කොට, ඒකට දැනුමක් අවශ්‍ය කරනවා. උදාහරණයක් විදිහට, කවුරුහරි දෙමාපියෙක් දන්නේ දරුවා නොදැන වැරැදි වැඩක් කළහම, ඒකට ගහන්න හෝ බණින්න විතරයි නම්, එක දරුවෝ හැදීමක් වෙන්නේ නැහැ. ඉතින් අපි කියන්න යන්නේ, දරුවෝ හැදීමේදී, අම්මලා තාත්තාලා කරන වැරදි කිහිපයක් ගැන. ප්‍රශ්නෙ තියෙන්නෙ මේ වැරදි වලින් ගොඩක් දේවල් කරන්නේ ළමයින්ට තියෙන ආදරේ වැඩි හින්දයි කියල මුළු මහත් සමාජයම හිතාගෙන ඉන්න එක තමයි.

01. පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීම නැති කිරීම

Mistakes parents do to their children

දැන් සාමාන්‍යයෙන් ලංකාවේ ගෙදරක අම්මලා තාත්තලා සහ ළමයි අතර තියෙන පෞද්ගලිකත්වය සීමාවන් මොනවාද? මොකුත් නෑ. පුංචි කාලේ ඉඳන් වැඩිමහලු වියට පත් වෙන කල්ම, ළමයෙක්ගේ නමට ලියුමක් ආවත්, ඒක කඩලා බලන්න අම්මා. ලියුමක් අරගෙන කියවන්න බැරි පුංචි කාලේ එහෙම කරාට කමක් නැහැ කියමුකෝ. හැබැයි උසස් පෙළ කරන වයසේ වුණත්, විශ්වවිද්‍යාලයට යන වයසේ වුණත්, සමහර වෙලාවට රස්සාවක් කරන වයසේ වුණත් ළමයින්ගේ නමට එන ලියුම් එහෙම අම්ම හරි තාත්ත හරි කඩල බලනවා කියන්නේ, ඒක ආදරේ නෙවෙයි. ඒක පුද්ගලිකත්වයට ඇඟිලි ගැසීම.

ඒ වගේම තමයි, ලංකාවේ ගොඩක් ගෙවල් වල, වැඩිහිටි වියට එළඹෙමින් ඉන්න ළමයෙක්ගේ වුණත්, කාමරයට එහෙම අම්මල තාත්තල කඩා වදිනවා මිසක්, තට්ටු කරලා එන සිරිතක් එහෙම නැහැ.එතකොට සමහර අම්මලා තාත්තලා ඉන්නවා, වැඩිහිටි ළමයෙක්ට වුනත් කෝල් එකක් එහෙම ආවොත්, කවුද කතා කළේ කින්ද මන්ද විස්තර ඔක්කොම දැනගන්න කල් නිවනක් නැහැ.

පුංචි කාලේ ඉඳන්ම එහෙම කරන එකෙන්, දෙමව්පියෝ ළමයාට සංඥාවක් දෙනවා, එහෙම පුද්ගලිකත්වය ආක්‍රමණය කළාට කමක් නැහැ කියලා. නරකම දේ තමයි, සමාජයේ බොහෝමයක් දෙනා විශ්වාස කරනවා, දෙමව්පියෝ ඒ විදිහට ළමයාගේ පුද්ගලිකත්වය උල්ලංඝනය කරන්නේ, අනවශ්‍ය ප්‍රශ්න වලින් ලමයව බේර ගන්න, නරක දෙවල් වලින් ළමයව ආරක්ෂා කරන්න කියලා. ළමයට තියෙන ආදරේ නිසා කියලා. හැබැයි එතකොට ළමයා වැඩිහිටියෙක් වෙලත් පුද්ගලිකත්වයේ සීමාවන් ඉගෙන ගන්නේ නැහැ.

FacebookTwitterWhatsApp

02. ස්ටීරියෝටයිප්ස් පුරුදු කිරීම

Mistakes parents do to their children

අපි කලිනුත් කතා කරලා තියෙනවා ඔය ඕනෑම සමාජයක තියන ස්ටීරියෝටයිප්ස් නැතිනම් ඒකාකෘතික කිරීම් ගැන. සෘණාත්මක ඒකාකෘතික කිරීම් ඇත්තටම සමාජයක තියෙන එකම ප්‍රශ්නකාරී දෙයක්. එතකොට ගෙවල් වල අම්මලා තාත්තලා ඉඳන්ම, මේ විදියේ ඒකාකෘතික කිරීම් ළමයි ඉස්සරහ ප්‍රවර්ධනය කිරීමෙන්, ළමයිනුත් ඒ නරක පුරුදු ඊළඟ පරම්පරාවට වෙනකල් අරගෙන යනවා. මේකට උදාහරණ ඕන තරම් දෙන්න පුලුවන්. සමහර වෙලාවට ගෙදර අයියයි නංගියි ඉන්නකොට, හැමවෙලේම අයියා පිරිමියා නිසා ගෙදර වැඩ ඉගෙන ගන්න ඕන නැහැ, හැබැයි නංගි ගැහැණු ළමයා නිසා ගෙදර දොරේ වැඩ ඉගෙන ගන්න ඕන, ගෙදර දොරේ වැඩ කරන්න ඕන, අයියගෙ වැඩ පවා කරන්න ඕන කියන මතය සමහර වෙලාවට සමහර ගෙවල් වල හැදෙනවා. ආදරේ නිසා වැඩ කරලා දෙන එක එක දෙයක්. හැබැයි ගැහැණු එන්නේ ගෙදර වැඩ කරන්න කියන ඒකාකෘතික කිරීම පුංචි කාලේ ඉඳලම ඔලුවලට දාන එක වෙන දෙයක්.

එතකොට ඔයා, අල්ලපු ගෙදර මිනිහා මෙහෙමයි, කුඩා ගෙදර ඉන්න මනුස්සයා අරෙහෙමයි, ඔය මිනිස්සුන්ගේ හැටි ඔහොමමයි, කොයි ත්‍රීවිල් කාරයන්ගෙ හැටි ඔහොම්මමයි, අපි කාගෙ වුණත් වයසට ගරු කරන්න ඕනා, වැඩිමහල් කෙනෙක් මොන දේ කිව්වත් ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්න ඕන. ඔන්න ඔය වගේ ඒකාකෘතික කිරීම්, අම්මලා තාත්තලා නොදැනුවත්වම එදිනෙදා කතාබහෙන්, වැඩ වලින් ළමයින්ගෙ හිත් වලට කාවද්දනවා. එතකොට ළමයිනුත් ඒ ඒකාකෘතික කිරීම් ඊළඟ පරම්පරාවටත් අරගෙන යනවා.

03. කුසලතාවයන් පුරුදු-පුහුණු නොකිරීම

Mistakes parents do to their children

මේක අද කාලේ සමාජයේත් අපිට දකින්නට ලැබෙන ප්‍රශ්නයක්. සමාජයේ ඉන්න වැඩිහිටි ගොඩක් දෙනෙක්ටත්, ජීවත් වෙන්න අවශ්‍ය කරන කුසලතාවයන් නැහැ. ඒ කියන්නේ, හිතන්න අද සමාජයේ අපි වටා ජීවත්වෙන මිනිස්සුන්ගෙන් කීයෙන් කීදෙනෙක්ටද ඉවුම් පිහුම් පුළුවන්? පුරුෂ පාර්ශවය ගත්තම ඉවුම් පිහුම් වගේ කුසලතාවයක් තියෙන ප්‍රමාණය භයානක විදිහට අඩුයි. හැබැයි දැන් කාලේ කාන්තාවන් ගත්තොත්, ඒ අයගෙනුත් සෑසෑහෙන්න දෙනෙක්ට මේ කුසලතාවය නැහැ. හැබැයි උයන්න පුළුවන් වෙන එක, ඕනම මනුස්සයෙක්ට තියෙන්න ඕන මූලික කුසලතාවයක්. එතකොට ගත්තොත්, ගෙයක් දොරක්, වත්තක් පිටියක් නඩත්තු කරන මූලික කුසලතාවයන්. දැන් තමන්ගේ ගේ දොර අතුපතු ගාල පිරිසිදු කරලා තියාගන්න එක, තමන්ට තියෙන්න ඕන මූලිකව හැකියාවක්. ගෙදර බල්බ් එකක් එහෙම පිච්චුනොත්, ඒක හදන්න, ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ට එන්න කියන්න ඕනද? එතකොට තීරණ ගැනීමේ සහ ප්‍රශ්න විසඳීමේ කුසලතාවයන්. මේවා ජීවිතයේ එදිනෙදා අවශ්‍යවෙන මූලික කුසලතාවයන්.

දැන් මේවා මනුස්සයෙක්ට ඉබේ පහළ වෙන්නේ නෑ. ගෙවල් දොරවල් වලින්, මූලික පුහුණුවක් ලැබෙන්න ඕන. ඒකට දෙමාපියෝ වගකියන්න ඕන. මේ කාරණාව ඊලඟට කතාකරන පොයින්ට් එකත් එක්කත් සම්බන්ධ වෙනවා. ඉතින් එතකොට දරුවන්ව, ජීවිතයට අවශ්‍ය කරන මූලික කුසලතාවන් පුරුදු පුහුණු නොකර, ඇති දැඩි කරනවා නම්, ඒක ඒ දෙමාපියන්ගේ වැරැද්දක්.

04. ළමයින්ව බබා කිරීම

Mistakes parents do to their children

මේකත්, එක්තරා අන්දමකට උඩ පොයින්ට් එකටත් සම්බන්ධ වෙනවා. මෙහෙමයි. තමන් දරුවො හදනවා නම්, දරුවන්ව පුංචි කාලේ ඉඳන් ආමි කෑම්ප් එකකට දාලා හදන්න හරි, ගෙදර ආමි කෑම්ප් එකක් වගේ වැඩ කරන්න හරි ඕන නෑ. හැබැයි දෙමාපියෝ දැනගන්න ඕන, ළමයින්ව, ඇත්ත ලෝකයේ පයගහලා නැති බබාලා වගේ නොහද ඉන්න. මොකද අම්මල තාත්තල ළමයින්ට හැමදේම කරලා දෙන්න ජීවිත කාලයක්ම ඉන්නේ නෑ. ළමයින්ට කවදා හරි ඇත්ත ලෝකෙට තනියෙන් අඩිය තියන්න වෙනවා. අන්න එතකොට බබාලට වෙන්නේ, ලෝකෙ නැති ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න.

අපි උදාහරණයක් දෙකක් ගමු. දැන් හිතන්න ගෑනු ළමයෙක්ව හදනවා, පිරිමි පුළුටක් ඇස නොගැටී, අවුරුදු 27 28 වෙනකනුත්, එළියට බැහැලා කොහේ ගියත් යන්නේ අම්මත් එක්ක. දැන් මෙහෙම ළමයෙක්ට, දීග ගිහිල්ලා පිරිමියෙක් එක්ක පවුල් කන්න පුළුවන් වෙයිද. දීග ගියාට පස්සේ, තනියෙන් පොලකට එහෙම ගිහිල්ලා එළවළු ටිකක් අරන් එන්න පුලුවන් වෙයිද. ඒ විදියට ගේ අස්සේ තියලා හදන ළමයෙක්, ඇත්ත ලෝකයේ තියෙන අතුරු අන්තරාවන් ගැන පවා දන්නේ නැහැ. එතකොට එහෙම ළමයෙක්, ඇත්ත ලෝකයේ තියෙන අතුරු අන්තරාවනට ගොදුරු වෙන්න තියෙන ඉඩත් වැඩියි. තව උදාහරණයක්. අවුරුදු විසි ගණන් අන්තිම වෙනකල්, ගෙදර අතට පයට අම්මා වැඩ කරලා දුන්නු පිරිමි ළමයෙක් ගැන හිතමු. දැන් මේ පිරිමි ළමයා, කසාදයක් එහෙම බැඳලා ගියාට පස්සේ, බැඳපු නෝනා අර අම්මා කරා වගේම අතර පයට වැඩ ටික කරලා දෙන්න ඕනද? එහෙම කරලා දෙයිද? එහෙම අම්මලා බබාලා කරලා හදපු පුතාලට යන එන මං නැති වුණු කතා අපි ඕන තරම් අහලා තියෙනවා. අන්න ඒ නිසයි අපි දෙමාපියන්ට කියන්නේ මේ වැරැද්ද කරන්න එපා කියලා ළමයින්ට.

05. ළමයින්ට ඉල්ලන ඉල්ලන දේ අරන් දීම

Mistakes parents do to their children

සමහර පවුල්වල අපි දකිනවා, දෙමාපියෝ ළමයින්ට ආදරය පෙන්වන්නේ, ළමයි කියන කියන දේ කරලා දීලා, ඉල්ලන ඉල්ලන දේ අරගෙන දීලා. හැබැයි මේක ඇත්තටම ආදරය ද? පර්යේෂණවලින් පවා පෙන්වලා දෙන කරුණක් තමයි, එහෙම ඉල්ලන ඉල්ලන දේ අරගෙන දීලා හදන දරුවන්ගේ මානසික ශක්තිය, ස්වයං විනය වගේ කාරණා සම්බන්ධ කුසලතාවයන් තියෙන්නේ ඉතාම අවම මට්ටමක කියන එක. නිකමට හිතන්න. අම්මලා විසින් ඉල්ලන ඉල්ලන දේ අරන් දීලා, කියන කියන දේ කරලා දීලා, ස්පොයිල් කරලා හදන දරුවන්ට, ඇත්ත ලෝකෙට අඩිය තිබ්බට පස්සෙත් එහෙම ජීවත් වෙන්න පුළුවන් වෙයිද? අන්න ඒ නිසා, දෙමාපියෝ කරන්න ඕන දේ තමයි, ඉල්ලන ඉල්ලන දේ අරන් නොදී, ළමයින්ට අවශ්‍ය දේ විතරක් අරන් දෙන එක. තමන්ට දෙයක් ඕන නම්, ඒක ලබාගන්න වැඩ කරන්න ඕන කියන එක පුංචි කාලේ ඉඳන්ම කියලා දෙන එක. ඒ කියන්නේ, හිතෙන හිතෙන වෙලාවට ළමයින්ට තෑගි පවා අරන් දෙන එකෙන්, ඒ වල අගය නැතුව යනවා. හැබැයි ළමයි, මොකක් හරි කාර්යයක් සාර්ථකව ඉටු කළාම, ඒකට අගය කිරීමක් විදිහට විදිහට යම් කිසි දෙයක් අරගෙන දෙනකොට, ඒකේ අගය දැනෙනවා වැඩියි.

06. ළමයි එක්ක වැඩ කරන්න කෙටි පාරවල් හොයන එක

Mistakes parents do to their children

මේකත් අද කාලේ ගොඩක් දෙමව්පියන් කරන වැරැද්දක්. අපි මුලින්ම පටන් ගන්නකොට කිව්ව දෙයක් තමයි, දරුවෝ හදන එක ලේසි උනාට, දරුවන්ව හරියට ඇති දැඩි කරන එක ලේසි දෙයක් නෙවෙයි කියන එක. අන්න එතකොට ලේසි පාරවල් හොයන්න යන එක, තමන්ගෙ ජීවිතයටත්, දරුවන්ගේ ජීවිතයටත් කරන වැරැද්දක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගමු, ගොඩක් වෙලාවට දැන් කාලේ අම්මලා තාත්තලා, දරුවන්ට බත් කවන්න, දරුවන්ව පැත්තකට කරලා තියන්න, භාවිතා කරන්නේ තාක්ෂණික උපාංග. තමන්ගේ ස්මාට්ෆෝන් එක හරි ටැබ් එක හරි ඔය කාටුන් එකක් හරි මොකක් හරි දාලා ළමයින්ට දෙනවා. ඒක ලේසි ක්‍රමයක් තමයි. හැබැයි ළමයි පුංචි කාලේ ඉඳන්ම, ඩිජිටල් තිරයකට ඇබ්බැහි වෙන එක, වෙනත් කුසලතාවයන් ඉගෙන ගන්නේ නැති එක, පොතකට පොතකට හුරු වෙන්නෙ නැති එක, ඒ ලේසියක් එක්ක සංසන්දනය කරන්න පුලුවන්ද?

07. තමන්ව නොසලකා හැරලා, දරුවන්ට සලකන්න යෑම

Mistakes parents do to their children

අපි තරුණ කාලේ අපි කියමු අපි ගැන හොඳට බලා ගත්තා කියලා. ඒ කියන්නේ වෙලාවට ව්‍යායාම කරනවා, මාසෙකට සැරයක් කොහේ හරි ගිහින් විනෝද වෙනවා, කාලෙකට සැරයක් ලස්සන ඇඳුමක් දෙකක් ගන්නවා, ගෙදර ඉන්නකොට වුණත් පිළිවෙලකට ඇඳලා කරලා ජීවත් වෙනවා. ඊට පස්සේ ඔන්න විවාහ වෙලා දරුවො ලැබෙනවා. දැන් ඊට පස්සේ, විශේෂයෙන්ම අම්මලාට, මුළු කාලයම ගත වෙනවා දරුවන්ගේ වැඩ වලට. ටික ටික අර පුරුදු නැති වෙලා යනවා. එකම ඇඳුම දවස් ගණන් ඇඳගෙන ඉන්නවා. තමන්ට කියලා දෙයක් ගත්ත කාලයක් මතක නෑ, එළියට ගියපු කාලයක් මතක නෑ. සමහර වැඩිහිටි දරුවෝ ඉන්න අම්මලා ඉන්නවා, තමන් කොහේ හරි ගියොත් දරුවෝ බඩගින්න ඉඳියි කියලා හිතලා කොහෙවත් යන්නේ නැති. ඔන්න ඔය විදියට ජීවත් වෙන එක, දරුවන්ට තියෙන ආදරේ නෙවෙයි. ඒක තමන්ටත් හානියක්. ඒ වගේම දරුවන්ටත් කරන හානියක්. දරුවන් ලොකු මහත් වෙනකොට, දරුවන්ව අතාරින්න අම්මලා තාත්තලා පුරුදු වෙන්න ඕන. දරුවෝ වැඩිහිටියෝ වෙනවා කියන්නේ, ඒ අයත් තමන්ගේ දෙමව්පියෝ වගේම වැඩිහිටියෝ කියන එක. එතකොට ඒගොල්ලන්ගෙ නිදහසට ඇඟිලි ගහන එක වගේම, තමන්ගේ ජීවිතය වැඩිහිටි ළමයි වෙනුවෙන් කැප කරන එකත් දෙමව්පියො නවත්වන්න ඕන. ළමයින්ගේ ජීවිතය හැරෙන්න, තමන්ටත් ජීවිතයක් තියෙනවා කියන එක මතක් කරගන්න ඕන.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
1 comment

1 comment

What is your opinion on this article?
  • Anonymous
    Anonymous
    October 18, 2023 at 8:15 PM
    Ou oyage kathawath aththa lamay hadanakota mal wagwma hadannath hoda na
    Reply
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!