zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ගෑණු ළමයෙක්ට හරි විදියට සෙක්ස් කරන්න ආරාධනා කරමුද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 


දැන් අපි සෙක්ස් කරන්න සුදුසු වයසකත් ඉන්නවා නම්, ශරීර සෞඛ්‍යය අතිනුත් හොඳ මට්ටමක ඉන්නවා නම්, අපේ ශරීරයේ අංගෝපාංගත් හොඳට වැඩ කරනවා නම්, අපිට දෙයියනේ කියලා කාම සිතුවිලිත් පහල වෙනවනම්, අපි ආස කරන ගෑනු ළමයෙක් දැක්කහම ලිංගික හැඟීම් පහළ වු​ණොත් ඒක වැරැද්දක් නෙවෙයි, ඒක ප්‍රශ්නෙකුත් නෙවෙයි. හැබැයි ඉතින් මෙහෙම කාරණාවකුත් තියෙනවා. විශේෂයෙන්ම ලංකාව වගේ රටක එහෙම සිතුවිලි පහළ වුණා කියලා එතනින් එහාට ගොඩක් දෙනෙක්ට කරන්න කිසිම දෙයක් නෑ. ඒක හිතේ තියාගෙන ඉන්න තමයි වෙන්නේ. එහෙම නැතිනම් ඉතින් හිතට අරගෙන පස්සේ වෙලාවක අතට ගන්න තමයි වෙන්නේ. දැන් ඔය කාරණාව නිසාම ලංකාවේ පිරිමි ගොඩක් වෙලාවට තමන් ලිංගික හැසිරීමකට යන්න ආස කරන තවත් කෙනෙක්ට ලිංගික ආරාධනා කරනවට වඩා, ඒ කෙනාට ප්‍රේම සම්බන්ධතාවයකට යන්න, කසාද බඳින්න ආරාධනා කරන එක තමයි වෙන්නේ. එහෙම කරන එකේ ප්‍රායෝගික ගැටළු, ඉමෝෂනල් ගැටළු ගණනාවක් තියෙනවා. ඒවා ගැන අපි පස්සේ දවසක කතා කරමු. ඊට කලින් බලමු, අපිට ලිංගික ආකර්ෂණයක් විතරක් තියෙන කෙනෙක්ට ඒකට ආරාධනා කරන්නෙ කොහොමද කියලා.

1. දැන හඳුනා ගන්න

කෙනෙක්ට අපි කොයි තරම් ආකර්ෂණය වුණත්, ඇත්තටම අපි අපි ශාරීරික සම්බන්ධතාවයක් වගේ දේකට යන්න හිතෙනවා නම්, නිකම්ම ලිංගික ආකර්ෂණයක් කියන එක මදි කියන එක අනිවාර්යයෙන්ම කියන්න උවමනායි. වඩාත් ආරක්ෂාකාරී දේ තමයි, තමන් ආකර්ෂණය වෙලා ඉන්නේ කාටද කියන එක පොඩ්ඩක් හඳුනා ගන්න උත්සාහ කරන එ​ක. සාමාන්‍යයෙන් වන් නයිට් ස්ටෑන්ඩ් ටයිප් එකේ සම්බන්ධතාවයකට මෙහෙම දේවල් ලොකුවට අදාළ වෙන්නෙ නෑ තමයි. හැබැයි අමතක කරන්න එපා, බටහිර රටවල තියෙන ඩේටින් කල්චර් එක ආසියාතික රටවල නෑ. අන්න ඒ නිසා, අපි ආකර්ෂණය වෙන්නේ කොයි වගේ කෙනෙක්ටද, කාටද කියන එක යම්කිසි තරමකට හෝ දැනගෙන ඉන්න එක හොඳයි. අවශ්‍ය නම් කතාබහ තුළින්ම වුණත් ඒ දැන හඳුනාගැනීම කරන්න පුළුවන්.

2. යම්කිසි සම්බන්ධතාවක් ගොඩනඟා ගන්න

මෙන්න මේක ඉතාම වැදගත්. කාන්තාවන් සහ පිරිමින් එකිනෙකාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන ප්‍රධාන තැනක් වෙන්නෙත් මේක. අපිට නිකංම ක්ලබ් එකකදි මුණගැහෙන කාන්තාවක් උනත්, අපි කොයිතරම් ආචාරශීලී විදියට වු​ණත් එක පාරම ලිංගික ආරාධනාවක් සිද්ධ කළොත් අපි දිහා බලන්නේ බොහොම නරක විදිහට වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මුලින්ම හිතලා බලන්න තමන් ආකර්ෂණය වෙන තැනැත්තිය, ලිංගික හැසිරීමකට සුදුසු වයස් සීමාවේ ඉන්නවාද කියන එක. ඊට පස්සේ එයත් එක්ක යම්කිසි විදිහක සුහද සම්බන්ධතාවයක් ගොඩනගාගන්න. කාන්තාවන් කැමති එකපාරටම ඇඳට දුවන්නේ නැතුව, ඒක පොඩි හරි ඉමෝෂනල් ලෙවල් එකේ සම්බන්ධයක් එක්ක ගෙනියන්න. වෙන විදියකට කියනවා නම් තමන්ට දැනෙන කායික ආකර්ෂ​ණයෙන් එහාට හිතන්න උත්සාහ කරන්න ඕන මෙතැනදී. හැබැයි ඉතින් ඒක තමන්ගේ දක්ෂතාවය තමයි

3. ආකර්ෂණය වෙලා ඉන්න බව පෙන්වන්න

අපිට කෙනෙක් එක්ක සු​හද සම්බන්ධතාවයක් හදා ගන්නකොට ඒක යාළුකමක් විදියට ඇති කරගන්නත් පුළුවන්. හැබැයි අපි ලිංගිකව ආකර්ෂණය වෙලා ඉන්න කෙනෙක් එක්ක යාළුකම් ඇති කර ගන්නවා කියන්නේ, ෆ්‍රෙන්ඩ්සෝන් එකේ තමයි නවතින්න වෙන්නේ. අන්න ඒ නිසා, තමන් පැහැදිළිවම ඒ කෙනාට ආකර්ෂණය වෙලා ඉන්න බව බොහොම හොඳ විදියට පෙන්නන්න. ඒ කියන්නේ පටන් ගත්තු ගමන් “යූ ලුක් සෝ හොට්” කියලා කියන එක වැඩ කරන්​න තියෙන ඉඩ අඩුයි. හැබැයි ඒ වෙනුවට “ඔයාගෙ විදියට මම කැමතියි” වගේ දෙයක් කියන එක ඔෆෙන්සිව් නැහැ.

තමන් ආකර්ෂණය වෙලා ඉන්න කෙනා එක්ක කතාබහ කරන මට්ටමේ සම්බන්ධතාවයක් ගොඩ නැගුණා කියලා දැනුනහම, ක්‍රමයෙන් ෆ්ලර්ට් කරන්න පටන් ගන්න ඕන.

4. බොරු නොකියන්න

මෙන්න මේ කාරණය ඉතාම වැදගත්. අපි පටන් ගන්නකොටම කිව්වේ මේ ගැන තමයි. අපි කියමු අපි කෙනෙක්ට ලිංගිකව ආකර්ෂණය වෙලා ඉන්නවා. අපි කැමතියි එයත් එක්ක සෙක්ස් කරන්න. හැකියාවක් තියෙනවනම් හොඳ යාළුවෙක් විදිහටත් ඉන්න කැමතියි. හැබැයි අපිට ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවත්, විවාහ වෙන්නවත් කිසිම වුවමනාවක් නෑ ඒ කෙනාත් එක්ක. එහෙම නම් කවදාවත්, ආදරය හෝ විවාහ ආරාධනා ඉස්සරහට දාලා, සෙක්ස් ලබා ගන්න උත්සාහ කරන්න එපා. බොරු කියන්න, ඒ කෙනාව මුලා කරන්න උත්සාහ කරන්නත් එපා. පොල්ලෙන් ගැහුව වගේ කියන්නෙ නැතුව උනත්, තමන්ගේ අභිලාෂය මොකද්ද කියන එක පැහැදිළිව සන්නිවේදනය කරන්න. ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් නං එහෙමයි. වන් නයිට් ස්ටෑන්ඩ් නම් ඒකත් එහෙමයි. එහෙම දේකට එයා කැමති නැත්නම්, ඒ අකමැත්ත ආචාරශීලීව මහත්මයෙක් වගේ පිළිඅරගෙන ඉවත් වෙන්න. එහෙම නැතුව බොරුවෙන් සෙක්ස් ලබාගන්න යන එක කැතයි විතරක් නෙවෙයි, ඒකෙන් කාටවත්ම හොඳක් සිද්ධ වෙන්නෙත් නැහැ.

5. හරි තීරණයක් ගන්න ඉඩ ලබා දෙන්න

ඊළඟට මෙන්න මේ කාරණාවත් බොහොම වැදගත්. අපි කෙනෙක්ට ලිංගිකව ආකර්ෂණය වෙලා ඉන්නවා නම්, එයත් අපිට කැමති වගේ පේනවා නම්, එතනින් එහාට කෙලින්ම ඇඳෙන් නවතින්න කලින් හිතන්න ඕන දේවල් තියෙනවා. එතනින් එකක් අපි කලිනුත් කියලා තියෙනවා. අපි ආකර්ෂණය වෙන කෙනා ලිංගික හැසිරීමකට කෙනෙක් තෝරගන්න තනි තීරණයක් ගන්න පුළුවන් වයසක ද ඉන්නේ? එයා අවුරුදු 16 ට අඩු නම්, එයා අපිට කැමති වුණත්, එයාට එහෙම තීරණයක් ගන්න බැහැ. ඒ වගේම අපි කියමු, එයා ඉන්නේ මත්පැන් වලින් හරි මත්ද්‍රව්‍ය වලින් හරි මත් වෙලා, තමන්ට ස්වාධීන තීරණයක් ගන්න බැරි අවස්ථාවක කියලා. එහෙම නම් ඒත් අපි එතනින් එහාට දේවල් ඇඳට අරගෙන යන එක වැරදියි. හරි දේ තමයි එයාට නිවැරදි සිහියෙන් නිවැරදි තීරණයක් අපි කරගන්න පුළුවන් නම් විතරක්, ඒක සෙක්ස් කිරීමක් දක්වා අරගෙන යන එක.

6. කැමති අකමැති දේවල්

අපි ලිංගිකව ආකර්ෂණය වෙලා ඉන්න කෙනෙක් අපිටත් යම් කිසි කැමැත්තක් දක්වන බවක් අපිට පේනවා නම්, හොඳ පොයින්ට් එකක් තමයි කතා බහ දෙන්නම සෙක්ස් කරන්න කැමති කොහොමද, කරන්න කැමති දේවල් මොනවද කියන පැත්තට අරගෙන යන එක. හැබැයි මතක තියාගන්න, මේ පොයින්ට් එකට යන්න ඕන, අපි ආකර්ෂණය වෙලා ඉන්න කෙනා අපිටත් යම් කිසි කැමැත්තක් දක්වනවා කියලා පැහැදිළිව පේනවා නම් විතරයි. එහෙම නැතිනම් වෙන්නේ අපි අසහනකාරයෙක් විදියට පේන එක.

මෙතනදී අපිට ක්‍රමිකව කතා කරන්න පුළුවන්, ලිංගික ජීවිතයේ අපි බලාපොරොත්තු වෙන දේවල් ගැන. අපි කරන්න ආස කරන දේවල් ගැන. අපි ඇඳෙදී අනික් කෙනා වෙනුවෙන් කරන්න ආස කරන දේවල් ගැන. අපේ ෆැන්ටසි ගැන. හැබැයි එකක් හොඳින් මතක තියාගන්න ඕන. මේක සෙක්ස් පොර ටෝක් එකක් වුණොත් කතන්දරේ එතනින්ම ඉවර වෙන්න පුළුවන්. ඒ නිසා මගෙ සයිස් එක අච්චරයි, මං ඇඳට ගියහම කෙල්ලට සැප දෙන්නෙ මෙහෙමයි වගේ ටෝක්ස් දෙන්න යන්න නම් එපා.

7. සංවේදී මනුස්සයෙක් විදියට වැඩ කරන්න

මේක තමයි අන්තිම සහ වැදගත්ම කාරණාව. අපි මේ සම්පූර්ණ වෙලාවෙදීම මහාත්මයෙක් විදියට තමයි වැඩකළ යුත්තේ. ඒ කියන්නේ අපි ආකර්ෂණය වෙලා ඉන්න මේ අනික් කෙනාට සළකන්න ඕන ලිංගික වස්තුවක් විදියට නෙවෙයි. කාන්තාවක් විදියට. එයාගෙ හැඟීම් දැනීම් වලට වගේම, එයාගේ ස්වාධීනත්වයටත්, එයාගෙ රුචි අරුචිකම් වලටත්, එයාගෙ මතයටත් අපි ගරු කරන්න ඕන. එයත් එක්ක ඇඳට යනවා කියන්නේ, අපේ අවශ්‍යතාවය සම්පුර්ණ කරගෙන නැගිටලා ඒමක් විදියට නැතුව, දෙන්නෙක් අතර ඇතිවෙන සමාන, සුන්දර අත්දැකීමක් විදියට ඒක ලබාගන්න ඕන.

දැන් මේ ලබා දීලා තියෙන උපදෙස් මාලාව එක්ක නොකියවුණු ඉතාම වැදගත් කාරණාවකුත් තියෙනවා. ඒ තමයි ගෞරවය කියන එක. අපි මේ ගනුදෙනු කරන්නේ අපි වගේම මනුෂ්‍ය ප්‍රාණියෙක් එක්ක. අන්න ඒ නිසා, අදාළ කර්තව්‍යය ඉවර වුණාට පස්සෙ වුණත් අන්න ඒ ගෞරවය තියන්න ඕන. එහෙම නැතිනම් අපි අර චීප්, සතෙක්වත් නොවෙන ඩයල් එකක් වෙනවා මිසක් මනුස්සයෙක් වෙන්නෙ නෑ. අන්න ඒකත් මතක තියාගන්න ඕන.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
1 comment

1 comment

What is your opinion on this article?
  • Anonymous
    Anonymous
    October 19, 2023 at 10:16 PM
    Mona untha me Article ekatansm kamathi na mama.. 😶 article ekanam kiyewwa.. kathawa aththa sex kiyanna hoda deyakuth neweyi
    Reply
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!