zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අන්තර් ගර්භාෂ තැන්පතුව සම්බන්ධයෙන් ඔබ දැන ගත යුතු දේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



🔰ආරක‍ෂා සහිතය
🔰සාර්ථක ප්‍රතිඵල අත්කර දෙයි
🔰හෝමෝනමය නොවේ
🔰තැන්පත් කිරීමට හා ඉවත් කිරීමට පහසුවීම
🔰ඉවත් කිරීමෙන් පසු ඉක්මණින්   සරුභාවයට ළඟා විය හැකි වීම

අන්තර් ගර්භාෂ තැන්පතුව පිළිබඳ ඔබ දැනගත යුතු දේ


📍ඉතා සාර්ථක දිගු කාලීන පවුල් සැලසුම් ක්‍රමයකි

📍එය කුඩා "T" අකුරක හැඩැති, නම්‍යශිලී ප්ලාස්ටික් උපකරණකි

📍කොපර් අඩංගු අන්තර් ගර්භාෂ තැන්පතු (Copper T 380 A) බහුලව භාවිත වේ

එය ගර්භනීභාවයක් වළක්වන්නේ කෙසේද?



📍රසායනික වෙනස්වීමකට තුඩු දෙමින්, ශුක්‍රාණු හා ඩිම්බ විනාශ කිරීම.

📍ගර්භාෂ බිත්තියේ ජීව රසායනික වෙනස්කම්ඇ තිකිරීම.

📍ගබ්සාවක් ඇතිවීමට අන්තර් ගර්භාෂ තැන්පතුව ක්‍රියා නොකරයි.

තැන්පත් කරගන්නේ කෙසේද?



🔎විෂ බීජයන්ගෙන් තොරවු තත්ත්වයන් යටතේ, පුහුණු සේවාදායකයකු විසින් සිදුකරනු ලබන සරල ක්‍රියාවලියකි.

🔎නිර්වින්දනය කිරීම අවශ්‍ය නොවේ.

🔎විනාඩි 5 - 10 පමණ ගතවන අතර තැන්පත් කළ විගස ඔබට ගෙදර යා හැකිය.

ප්‍රතිලාභ මොනවාද?



📈දිගු කාලීන පවුල් සැලසුම් ක්‍රමයකි. තැන්පත් කල විට එය අවුරුදු 10ක් සඳහා සාර්ථක ප්‍රතිඵල ලබාදෙයි.

📈නමුත්අ වශ්‍යතාවන් ඇතිවු විට ඔබට එය කවර අවස්ථාවකදී වුවද ඉවත්කර ගත හැකිය.

📈සාර්ථකත‍වය.- තැන්පත් කළ විගසම එය සාර්ථක බවට පත්වෙයි තැන්පත්කිරීම් වල අසාර්ථකභාවය තැන්පතු 1000කට ගැබ් ගැනීම් 6 - 8 කි.
ඉක්මණින් මුල් තත්ත්වයට පත්විය හැකිබව. ඉවත් කළ විගස සරුභාවය ලැබේ. ඉක්මන් ප්‍රතිඵල ලබාදෙයි.


📈පහසුව. -ඔබට එය තැන්පත් කළ පසු අමතක කළ හැකිය.
හෝමෝන අඩංගු නොවේ. හෝමෝන නිසා ඇතිවන අතුරු ආබාධ ඇති නොවේ.


📈මව්කිරි දීම-. එය කිරිදෙන මව්වරුන් සඳහා ආරක‍ෂා සහිතව භාවිතා කළ හැකි අතර, දරුවා ලැබීමෙන් සති 06 කට පසු තැන්පත් කළ යුතුය.

අහිතකර ප්‍රතිඵල කිසිවක් තිබේද?



🔗ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වලින් ඔබව ආරක‍ෂා නොකරයි.

🔗එම නිසා ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන/එච්.අයි.වී වලින් ආරක‍ෂාවීම සඳහා කොන්ඩම් භාව්ත කිරීම අවශ්‍ය වේ.

අතුරු ආබාධ


තැන්පත් කළ දින යටිබඩ වේදනාව හෝ සුළු වශයෙන් රුධිරය වහනය වීම.
ඔපස්වීමේ සුළු දිග්ගැස්සීමක් සහ ඔසප් රුධිරය පහවීමේ සුළු වැඩිවීමක් සිදුවීම. නමුත්මෙ ම ලක‍ෂණ තාවකාලිකය.
ඔසප් වීමේ දී ඇතිවන බඩේ කැක්කුම වැඩිවිය හැකිය.

මිත්‍යා මත



1️⃣ ලිංගික ක්‍රීයාකාරකම්වලට මැදිහත්වීම් සිදු කරයි.

- නැත. එය ලිංගික කාර්යය තුළදී කිසිදු වේදනාවක් හෝ අපහසුවක් ඇති නොකරන අතර ලිංගික සතුටට බලපෑමක් ඇති නොකරයි.

2️⃣ ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමේ අවධානම වැඩි කරයි.

- නැත. එසේ නොවේ

3️⃣ ගර්භාෂය තුළට ඇතුළුවන අතර ශරීරයේ අනෙකුත්ප්‍ රදේශවලට ගමන් කළ හැකිය.

- නැත. එය වැරදි ආකාරයකින් තැන්පත් නොකළේ නම්ග ර්භාෂයෙන් පිටතට නොයන අතර ශරීරයේ අනෙකුත්ප්‍ රදේශවලට කෙසේවත් ගමන් නොකරයි.

4️⃣ ඉවත් කිරීම වේදනාකාරී වේ

- නැත. විෂ බීජයන්ගෙන් තොර වූ තත්ත්වයන් යටතේ පුහුණුවලත් සේවාදායකයකු විසින් ඉවත් කිරීම සිදුකරනු ලබන අතර ඉවත් කිරීම වේදනාකාරී නොවේ.

5️⃣ අන්තර් ගර්භාෂ තැන්පතුව මගින් ශ්‍රෝණි ප්‍රදාහ රෝග (Pelvic Inflammatory Disease - PID) අවධානම වැඩිකරයි.

- නැත. අන්තර් ගර්භාෂ යෙදුම මගින් ඡෂෘ අවධානම වැඩි නොකරයි. තමන්ට මේ සඳහා ඇති අවධානම වැඩිනම් පමණක් අන්තර් ගර්භාෂ තැන්පතුව නොපළදින්න.

අන්තර් ගර්භාෂ යෙදුම සඳහා වඩා යෝග්‍ය පුද්ගලයන් කවුද?



⚧ගර්භනීභාවයන් අතර පරතරයක් තබා ගැනීමට සහ ස්වකීය පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව සම්පුර්ණ වූ විට ළමයින් සංඛ්‍යාව සීමා කිරීමට බලාපොරොත්තුවන යුවළවල් සඳහා මෙම ක්‍රමය අවු 10ක් දක්වා භාවිත කළ හැකි නිසා, කාන්තා සැත්කමට හොඳ විකල්පයක් වෙයි.



🔰ඔබට අන්තර්ගත ගර්භාෂ යෙදුම භාවිත කළ නොහැකි වන්නේ
🔰ගැබ් ගෙන ඇත්නම්.
🔰ඔබට ශ්‍රෝණි ආසාදන සම්බන්ධ ඉතිහාසයක් හෝ දැනට පවතින තත්ත්වයක් තිබේනම්.
🔰ආසාමාන්‍ය ගර්භාෂයික රුධිර වහනයක් තිබේනම්
🔰ප්‍රජනන මාර්ගයේ පිළිකාවක් ඇති බවට තහවුරුවී ඇත්නම් හෝ සැක නම්.

හදිසි අවස්ථාවකදී ආරක‍ෂාව


⚧අනාරක‍ෂිත ලිංගික සංසර්ගයකින් දින 05ක් ඇතුලත අන්තර් ගර්භාෂ යෙදුම තැන්පත් කළේ නම්, එමගින් ගර්භනීභාවයෙන් 100% කට කිට්ටු ආරක‍ෂාවක් සපයයි.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!