Loading..

තායිලන්තයෙන් හමුවුණු විද්‍යුත් මකුළු විශේෂය





නව පර්යේෂණයකට අනුව තායිලන්තයෙන් Electric blue tarantula හෙවත් විදුලි නිල් මකුළු විශේෂයක් සොයාගෙන ඇත.

තායිලන්ත පර්යේෂකයන් කණ්ඩායමක් දකුණු තායිලන්තයේ Phang-Nga පළාතේ ඇති මකුළු විවිධත්වය සහ ව්‍යාප්තිය පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා කළ ගවේෂණයකදී මෙම මකුළුවා සොයාගෙන ඇත.

Khon Kaen විශ්වවිද්‍යාලයේ කීට විද්‍යා සහ ශාක ව්‍යාධි විද්‍යා අංශයේ පර්යේෂකයෙකු වන Narin Chomphuang පවසන්නේ ඔවුන් සිදු කළ පරීක්ෂණයෙන් ඉතාමත් අලංකාර වූ නිල් සහ දම් පැහැයක් පෙන්නුම් කරන විදුලියක් සහිත නව මකුළු විශේෂයක් සොයාගැනීමට හැකියාව ලැබුණු බවයි.

කඩොලාන වනාන්තරයක ජීවත් වන මෙම මකුළු විශේෂය සොයා ගත් කණ්ඩායමට තායි වනජීවී JoCho Sippawat ඇතුළත් වන බව සදහන්.

 

Previous Next

Top Post Ad


නවතම ලිපි...