Loading..

පෘථිවියේ 08 වැනි මහාද්වීපය සොයා ගනියි!!






භූ විද්‍යාඥයින් විසින් දකුණු පැසිෆික් සාගරයෙන් ලොව 08 වැනි මහාද්වීපය ලෙස මහාද්වීපයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර 375 කට පමණ පසුවයි විද්‍යාඥයින්ට මෙම මහාද්වීපය සොයා ගැනීමට හැකිවී තිබෙන්නේ.

භූ විද්‍යාඥයින් සහ භූ කම්පන විද්‍යාඥයින්ගේ  කණ්ඩායම් සීලන්තයේ නොහොත් Zealandia (Te Riu-a-Maui) හි අලුතින් සිතියමක් නිර්මාණය කර ඇති බව
වාර්තා වෙනවා.

පර්යේෂකයන් එය සොයාගෙන ඇත්තේ සාගර පත්ලෙන් ගොඩගත් පාෂාණ සාම්පලවලින් ලබාගත් දත්ත භාවිතා කරමින්. නව මහාද්වීපය නවසීලන්තයට සමාන වන අතර දූපත් අතලොස්සක් සමගින් භූමියෙන් 94% දිය යට පවතිනවා.

BBC වෙබ් අඩවියට අනුව , Zealandia මහාද්වීපය වර්ග සැතපුම් මිලියන 1.89 විශාල මහාද්වීපයක් වන අතර එය මැඩගස්කරය මෙන් හය ගුණයක් විශාල වනවා.

Zealandia මහාද්වීපය හමුවීමෙන් අනතුරුව නියත වශයෙන්ම ලෝකයේ මහාද්වීප  8⃣ක් ඇති බව විද්‍යාඥයින් කණ්ඩායම විසින් තහවුරු කර තිබෙනවා.


එම පර්යේෂණයේ සම්පුර්ණ විස්තරයක් 
Tectonics සඟරාවෙහි පළ කර ඇත.


උබටත් පුලුවන් කාලෙක මහද්වීපයක් හොයා ගනින් 

Previous Next

Top Post Ad


නවතම ලිපි...