zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ජපානයේ ‘මූන් ස්නයිපර්’ සඳ දඩයමේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.






ශ්‍රව්‍ය ගොනුවට සවන් දෙන්න


ජපානයේ ‘මූන් ස්නයිපර්’ චන්ද්‍ර මෙහෙයුම ඊයේ (07) Tanegashima අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට දියත් වුණා. ඒ ජපානය සතු H-IIA රොකට්ටුවක ආධාරයෙන්. එය චන්ද්‍රයාගේ මතුපිටට ගොඩබසිනු ඇත්තේ 2024 වසරේ මුල් කාර්තුවේ දී යි.

මෙහෙයුමට අයත් සඳ මතට ගොඩබැසීමට නියමිත ලෑන්ඩරය හඳුන්වන්නේ SLIM හෙවත් Smart Lander for Investigating Moon ලෙසයි. මේ තාක් යොදාගෙන ඇති ලෑන්ඩර මෙන් වර්ග කිලෝමීටර ගණනකින් යුතු බිම්කඩක් පුරා පැතිරුණු ගොඩබැසුම් ප්‍රදේශයක් වෙනුවට එය වර්ග මීටර 100ක් තරම් පටු නිශ්චිත ප්‍රදේශයක් මත පහත් කළ හැකි පරිදි සකසා තිබීම විශේෂත්වයක්. මෙහෙයුමට Moon Sniper නමින් සුරතල් නාමයක් තබන්නට ද හේතුව වී ඇත්තේ එය සන්නද්ධ ව තිබෙන මේ නවීන ගොඩබැසුම් තාක්ෂණයයි.

SLIMහි ගමනාන්තය වනු ඇත්තේ Shioli නම් කුඩා ආවාටය අද්දර පවතින බිම් කඩක්. එය 1969 දී ඓතිහාසික ප්‍රථම සඳ ගමන සිදු වූ ‘නිසල මුහුද’ට දකුණට වන්නට පිහිටි ‘Sea of Nectar’ හෙවත් ‘අම මුහුද’ ප්‍රදේශය පෙනෙන මානයේ පිහිටා තිබෙනවා.

මින් පෙර ජපානයේ පෞද්ගලික සමාගමක් වන Ispace විසින් යවන ලද Hakuto-R චන්ද්‍ර ලෑන්ඩරය ඉකුත් අප්‍රේල් මාසයේ දී මෙහෙයුම අසාර්ථකත්වයෙන් කෙළවර කරමින් චන්ද්‍රයා මතට කඩා වැටුණා. එය සාර්ථක වුණි නම් ජපානය සඳ මතට සුමට ගොඩබැස්මක් කළ සිව් වැනි රට බවට පත් වන්නට නියමිත ව තිබුණා. ජපානයෙන් ගිලිහුණු එම වාර්තාව තමා සතු කර ගැනීමට ඉකුත් අගෝස්තු 23 වැනි දා ඉන්දියාව සමත් වුණා. ඒ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ චන්ද්‍රයාන් 3 මෙහෙයුමෙහි සාර්ථකත්වය මතින්. මෙවර SLIM ලෑන්ඩරය සාර්ථක වුවහොත් ජපානය සඳ මතුපිටට සුමට ගොඩබැස්මක් කළ පස් වැනි රට බවට පත් වනු ඇති.

SLIM රැගත් රොකට්ටුව තවත් සුවිශේෂ වූ අභ්‍යවකාශ මෙහෙයුමක් ද අභ්‍යවකාශය වෙත රැගෙන ගියා. ඒ පහළ පෘථිවි කක්ෂයකට පිවිසි XRISM හෙවත් X-Ray Imaging and Spectroscopy Mission චන්ද්‍රිකාවයි. එම චන්ද්‍රිකාව ජපානයේ අභ්‍යවකාශ ඒජන්සිය වන JAXA මෙන් ම NASA, යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ සහයෝගීතාවයෙන් සැලසුම් කරන ලද්දක්. එය පෘථිවිය වටා කක්ෂගත ව රැඳෙමින් විශ්වයේ අසාමාන්‍ය උෂ්ණත්වයකින් සහ ගුරුත්වයකින් හෙබි ස්ථාන ගැන අධ්‍යයනයේ යෙදීමට නියමිතයි.

CNN ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!