zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

යුරේනස් සතු මෙතෙක් හඳුනා නොගත් චන්ද්‍රයෙකු සොයාගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය යුරේනස් වටා කක්ෂයක ගමන් කරන නව කුඩා චන්ද්‍රයෙකු සොයාගන්නට සමත් ව තිබෙනවා.

පෙරේදා (19) NASA ආයාතනය කළ නිවේදනයකට අනුව මෙම චන්ද්‍රයා කිලෝමීටර 10ක විෂ්කම්භයකින් යුතුයි. මෙය හඳුනාගෙන තිබුණේ වෙබ් දුරේක්ෂය සිය ආසන්න-අධෝරක්ත කැමරාව (near-infrared camera) භාවිතයෙන් ඉකුත් පෙබරවාරි මස කළ නිරීක්ෂණයක දීයි.

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ එය ප්‍රමාණයෙන් අතිශය කුඩා වීම නිසා ම වසර 40කට පෙර සිදු වූ වොයේජර් 2 යානයේ ආසන්න පියාසැරියෙන් ද සැඟවී සිටින්නට සමත් වූ බවයි.

යුරේනස් සතු ව හඳුනාගැනුණු චන්ද්‍රයන් 28ක් සිටි අතර ශේක්ස්පියර්ගේ සිට ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේ දක්වා නම්වලින් ඒවා නම් කරනු ලැබ තිබෙනවා. ඉන් අඩක් පමණ ම ප්‍රමාණයෙන් කුඩා වන අතර, ග්‍රහලොවට ආසන්නයෙන් ගමන් කරනවා. තවමත් නම් කර නැති නව චන්ද්‍රයාත් සමඟ යුරේනස් සතු චන්ද්‍රයන් ගණන 29 දක්වා ඉහළ යනවා.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/1qhJ0H4
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!