Loading..

ඔරලෝසුවේ කටු දක්ෂිණාවර්තව කැරකෙන්නේ ඇයි...?

 





ශ්‍රව්‍ය ගොනුවට සවන් දෙන්න


වෙලාව බලාගන්න ක්‍රමයක් විදිහට ඔරලෝසු මුලින්ම හොයාගෙන තියෙන්නේ පුරාණ ඊජිප්තුව, මිසරය, ග්‍රීසිය වගේ රටවල්. ඒ කාලයේ ඔවුන් වෙලාව බලාගන්න යොදාගෙන තියෙන්නේ හිරුගේ ආලෝකයත් එක්ක වෙනස් වෙන පොළවේ හිටවපු කෝටුවක හෙවනැල්ලක්(සූර පප්පා එකේ තියෙනවා)


කාලයක් යද්දී මේ සඳහාම නිපදවපු හුරු තැටි පාවිච්චි කරන්න පටන්ගත්තා. මේ විදිහට කාලය මැනීමේ ක්‍රමයක් භාවිතා කරපු හැම රටක්ම තිබිලා තියෙන්නේ සමකයට උතුරින් එහෙමත් නැත්නම් උතුරු අර්ධගෝලයේ. මේ රටවල හොඳින් හිරු එළිය ලැබෙන වසන්ත ගිම්හාන ඍතු වල හිරු ගමන් කිරීමේදී හෙවනැල්ල ගමන් කරන්නේ දක්ෂිණාවර්තව. මේ නිසා කාලයත් එක්ක හිරු තැටි පාවිච්චි කරලා හදපු ඔරලෝසුත් දක්ෂිණාවර්තව ගමන් කරන්න නිපදවලා තියෙනවා. 


නිකමටවත් දකුණු අර්ධ ගෝලයේ ඕස්ට්‍රේලියාව, 
ඇමෙරිකාව, අප්‍රිකාව වගේ රටක මුලින්ම 
හිරු තැටි හොයාගත්නම් ඔරලෝසු වාමාවර්තව 
කරකැවෙනවා බලාගන්න තිබ්බා. 



Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.