zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

‘අපි ඕනෑ ම තත්ත්වයකට සූදානම්’ ආටමිස් 2 ගගනගාමීහු කියති

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ලබන වසරේ පෙබරවාරි 5 වැනි දා තරම් ආසන්න දිනක දී දියත් වීමට හැකියාවක් තිබෙන Artemis 2 චන්ද්‍ර මෙහෙයුම සඳහා නම්කර තිබෙන ගගනගාමීන් මේ වන විට දැඩි ලෙස පුහුණු වීමේ කටයුතුවල නිමග්න ව සිටිනවා. NASA ආයතනය සතු Space Launch System රොකට්ටුවෙන් අභ්‍යවකාශගත කෙරෙන Orion යානය ඔස්සේ චන්ද්‍රයා වටා ගමන් කර යළි පෘථිවිය වෙත පැමිණෙන මේ මෙහෙයුම සිදු වන්නේ මිනිසා අවසන් වරට සඳ මත පා තබා වසර 50ක් ඉක්ම ගිය පසුබිමකයි.

මේ මෙහෙයුම අතර වාරයේ Orion යානය හැඳින්වෙන නම පසුගිය 24 වැනි දා ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව Artemis 2 මෙහෙයුමේ දී ගගනගාමීන් ගමන්ගන්නා Orion යානය ‘ඉන්ටග්‍රිටි’ ලෙසින් නම් කර තිබෙනවා.
“මේ වාහනය සූදානම් වූ විට, මේ කණ්ඩායම සූදානම් වූ විට, අපි අපේ උපරිම දායකත්වයෙන් මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට බලා සිටිනවා” යි Artemis 2 හි කමාන්ඩර්වරයා වන NASA ගගනගාමී රෙයිඩ් වයිස්මාන් සඳහන් කරනවා. ඔහු මේ බව සඳහන් කළේ ඉකුත් දා ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින්. “අපි හඳට යනවා – අපට යන්න අවශ්‍ය එතැනටයි. එත් මේක පරීක්ෂණ මෙහෙයුමක්. මේ විස්මය දනවන ඔරායන් යානයේ නැගිලා සැතපුම් 250,000ක චාරිකාවේ නිමග්න වෙන අතරතුර ඇති වන සෑම තත්ත්වයකට ම මුහුණදෙන්න අපි සූදානම්.” ඔහු සඳහන් කරනවා.

අනාගත Artemis මෙහෙයුම් සඳහා පෙර සූදානම් වීමක් වශයෙන්, සඳෙහි ගොඩබැසීමක් නො කොට එය වටා ගොස් යළි පෘථිවියට පැමිණෙන මෙම චාරිකාව සඳහා දින 10ක කාලයක් වැය වනවා. අණ දෙන නිලධාරියා ලෙස රෙයිඩ් වයිස්මාන් කටයුතු කරන අතර, NASA ගගනගාමී වික්ටර් ග්ලෝවර් නියමුවා ලෙසත්, NASA ගගනගාමී ක්‍රිස්ටිනා කොච් මෙහෙයුම් විශේෂඥ ලෙසත් කටයුතු කරනවා. එසේ ම කැනේඩියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය නියෝජනය කරන ගගනගාමී ජෙරමි හැන්සන් ද මෙහෙයුම් විශේෂඥයෙකු ලෙස Artemis 2 කණ්ඩායමට ඇතුළත් ව සිටිනවා.
NASA ආයතනයේ ජනප්‍රිය ඇපලෝ මෙහෙයුම්වලින් පසු පළමු වරට සිදුවන නියමු චන්ද්‍ර මෙහෙයුම වන මෙය චන්ද්‍රයා වටා ගමන් කරන පළමු කත මෙන් ම පළමු කළු ජාතික පුද්ගලයා ආදී නව වාර්තා කිහිපයක් ද පිහිටුවීමට නියමිත ව තිබෙනවා. මිනිසා පෘථිවියෙන් වඩාත් ම ඈතට ගිය අවස්ථාව ලෙස සැලකෙන්නේ 1970 වසරේ සිදු වූ Apollo 13 මෙහෙයුමයි. Artemis 2 මේ වාර්තාව ද අලුත් කිරීමට නියමිත ව තිබෙනවා.
නියමුවන් රහිත මෙහෙයුමක් වූ Artemis 1 දියත් කෙරුණේ 2022 නොවැම්බරයේයි. එම පියාසැරියෙන් පසු ඔරායන් යානයේ තාප ආරක්ෂක පළිහ ක්‍රියාත්මක වීම පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතු වීම මත අවස්ථා ගණනාවක දී ම දෙවැනි මෙහෙයුම ප්‍රමාද වුණා. NASA නිවේදනය කළ පරිදි ලබන වසරේ පෙබරවාරි මුල සහ අප්‍රේල් අග අතර කාලය තුළ ඉතිහාසගත වන Artemis 2 මෙහෙයුම දියත් කිරීම මේ වන විට ඔවුන්ගේ ප්‍රමුඛ අරමුණයි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/ftEqG9k
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!