zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ක්ලියෝපැට්‍රා සමයේ ඊජිප්තු වරායක් මුහුද යටින් සොයාගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඊජිප්තුවට ආසන්න සාගරයේ ගිලී ගිය වරායක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් වී සිටිනවා. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ක්ලියෝපැට්‍රා රැජිනගේ සැඟවුණු සොහොන සෙවීමට ඉඟියක් ඉන් සපයාගත හැකි වනු ඇති බවයි.

National Geographic ගවේෂකයන් වන කැත්ලීන් මාටිනස් සහ බොබ් බැලාර්ඩ් මේ නටඹුන් ව්‍යුහයන් සොයාගෙන තිබෙන්නේ මධ්‍යධරණී මුහුදේ පත්ල සිට මීටර හයක් පමණ ඉහළට එසැවී තිබියදීයි. මේ අතර සිරස් කණු විය යුතු ව්‍යුහ දෙකක් කැපී පෙනෙමින් තිබුණා. මදින ලද ගල් අතුරා කරන ලද බිම් සැකසීම්, සිමෙන්ති කුට්ටි සහ නැංගුරම් මෙන් ම amphorae යනුවෙන් හඳුන්වනු ලබන උසැති ගබඩා කර තැබීමේ ජෝගු ද සොයාගැනීමට ගවේෂකයන් සමත් වී තිබුණා. මේ සියල්ල ක්ලියෝපැට්‍රාගේ කාලයට සමපාත වන බව ද සොයාගැනුණා.

ගවේෂණ කණ්ඩායම මෙකී ගිලී ගිය වරාය නගරය සොයාගත්තේ මින් පෙර සොයාගනු ලැබූ උමං මාර්ගයක් ඔස්සේ ලුහුබැඳීමෙන් අනතුරුවයි. ඇලෙක්සැන්ඩ්‍රියාවට කිලෝමීටර 48ක් බටහිර දෙසින් පිහිටා ඇති ටැපෝසිරිස් මැග්නා නමැති ඉපැරැණි දෙවොලේ සිට විහිදුණු එම උමඟ මීටර 1,305කට ආසන්න දුරක් දිවගොස් තිබුණා.

බොහෝ පුරාවිද්‍යාඥයන් එරෙහි ව මත පළ කළත්, මාටිනස් විශ්වාස කරන්නේ ක්ලියෝපැට්‍රාගේ භූමදානයට අදාළ කටයුතු සඳහා ටැපෝසිරිස් මැග්නා දෙවොළ ඍජු ලෙස ම සම්බන්ධ බවයි. කෙසේ නමුත් එය නිෂ්චිත ලෙස තහවුරු කරගෙන නැති බව අවධාරණය කළ යුතුයි.

නටඹුන් වූ ගිලී ගිය වරාය නගරය පිළිබඳ සොයාගැනීම ඉකුත් සැප්තැම්බර් 18 වැනි දා ඊජිප්තු සංචාරක සහ පුරාවස්තු අමාත්‍යංශය විසින් නිවේදනය කෙරුණු අතර, ගවේෂණය අළලා තැනුණු National Geographic වැඩසටහන “Cleopatra’s Final Secret” නමින් Disney+ සහ Hulu ඔස්සේ විකාශය වනවා.

සෞන්දර්ය සෙනරත්

 



from Vidusara Science Magazine https://ift.tt/zHkTDbc
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!