zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ආදරේ පෙන්නලා කලිසමත් ගලවගෙන යන්න එන ගෝල්ඩ් ඩිගර් තාලේ කෙල්ලන්ව අඳුනාගන්නේ මෙහෙමයි!

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 





අහලා තියෙනවද ගෝල්ඩ් ඩිගර්ස්ලා ගැන? නෑ, ඔය කියන්නේ ඇලස්කා වල රත්තරං හාරන්න යන කෙල්ලෝ ගැන නෙවෙයි. සරලවම කිවුවොත් පිරිමියෙක්ගෙන් සල්ලි හරි තෑගි බෝග හරි ඩැහැගැනීමේ පරම අපේක්ෂාවෙන් -කොටින්ම කියනවා නම් රිදෙන්නම දත ගලවන අපේක්ෂාවෙන්- සම්බන්ධකම්/හාදකම් ඇතිකරගන්න කෙල්ලොන්ට තමයි ඔය නම කියන්නේ.

දැන් සමහර සල්ලිකාර කොල්ලෝ ඉන්නවා, උන්ට ගෝල්ඩ් ඩිගර් කෙනෙක්ට වියදම් කළා කියලා අවුලක් නෑ. උන් ඒක දැනගෙන කරන්නේ, ඒකට හිලව්වට හම්බුවෙන සෙක්ස් හරි ආශ්‍රය හරි ගැන හිතලා. එහෙම සල්ලිකාර කොල්ලන්ට නෙවෙයි මේ ආටිකල් එක.

හැබැයි අපි වගේ සල්ලිකාර නොවෙන කොල්ලෙක් ගෝල්ඩ් ඩිගර් කෙනෙක්ට අහුවෙනවා කියන්නේ විනාසයක් තමයි. අන්තිමට හිතත් කැඩිලා, පර්ස් එකටත් තට්ටු වෙලා පාරේ නවතින්නත් පුළුවන්!




1.අයියා රීලෝඩ්!


මේක ඇත්තටම ගෝල්ඩ් ඩිගින් වල බොහොම ප්‍රාථමික අවධියක්. ඒ නිසාම ලොකුවට හිත කරදර කරගන්න ඕනැත් නෑ. දැන් මෙහෙමයි වෙන්නේ.

ඔන්න අපි කියමු ගර්ල්ෆ්‍රෙන්ඩ් හදිසි අවස්ථාවකදී තමන්ගේ ෆෝන් එකේ බිල ගෙවන්න පුළුවන්ද, රීලෝඩ් එකක් දාන්න පුළුවන්ද කියල අහනවා කියලා. ඒක ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. කපල් එකක් කියන්නේ එහෙම තමයි, දෙන්නට දෙන්නා උදවු කරගන්න ඕන. හැබැයි ඉතින් අයියා බබාට නංගි බබා හැමදාමත් රීලෝඩ් දාන්න කියනවා නම්, ආන්න ඒක දත ගලවන තත්ත්වයක් තමයි.

ඒ වගේම මේකේ තව විශේෂත්වයක් තියෙනවා. අයියා බබා රෝල ගහගෙන නංගියාට රීලෝඩ් දැම්මත්, නංගියා නෙවෙයි මළාට කෝල් එකක් ගන්නේ. රීලෝඩ් එකක් දාන්න පුළුවන්ද කියල අහන්නත් මිස් කෝල් එකක් තමයි ගහන්නේ!



2.අදත් ෂොපින් යමු රත්තරං!

ආදරේ කරන කෙල්ලව ෂොපින් එක්කරගෙන යන්න, එයාට ආස කරන ඇඳුමක් පැළඳුමක් අරගෙන දෙන්න ඕනම ආදරණීය කොල්ලෙක් ආසයි.

හැබැයි ඉතින් මේ ෂොපින් කෙරුවාව සතියකට දවස දෙක ගාණේ එක දිගටම වෙනවා නම්, ඒ එක ෂොපින් කිරිල්ලකට රුපියල් දහපාළොස් දාහක් කුඩු වෙනවා නම්, ආන්න එතන තියනවා දත ගැලවිල්ලක්.

එහෙම සතිපතා ෂොපින් කරලා, බිල ගෙවන්න වෙනකොට කෙල්ල ලඟට ඇවිත් අතේ පයේ නියපොතු වලින් ආදරේට ඉරි අඳින ගමන් ඇඹරෙනවා නම්, වහාම පැනලා දුවන්න! දත ගැලවිල්ලක්!!



3️.හඳේ දියමන්ති වලින් හදපු මාලයක්!

අපි ආදරේ කරන මිනිස්සුන්ට තෑගි දෙන්න ආසයි. එහෙම තෑග්ගක් දුන්නහම ආදරේ කරන කෙල්ලගේ මූණ හඳ වගේ එළිය වෙන හැටි බලන්න ආසයි.

සමහර වෙලාවට ඉඳලා හිටලා අපි ආදරේ කරන කෙනාගෙන් ඉල්ලලාම තෑගි ගන්න අවස්ථාත් තියෙනවා. හැබැයි ඉතින් යාලුවෙලා ඉන්න කෙල්ල මාසෙකට වතාවක් දෙවතාවක්ම තෑගි ඉල්ලනවා නම්, ඒ තෑගි අර හඳේ පස් අරන් ඇවිත්, නිස්සාරණය කරලා ලෝහ අරගෙන, කිම්බර්ලි ගිහින් පතලක් හාරලා දියමන්ති හොයාගෙන ඇවිත් හදලා දෙන්න වෙන දියමන්ති මුද්දක ජාතියේ නම්, ඕක ලෝක රන් හාරන්නියක් තමා.

ඇත්තටම අපිට ආදරේ කෙල්ලෙක්ව සතුටු කරන්න මහා ලොකු තෑගි බෝග වුවමනා වෙන්නෙ නෑ. ඒක මතක තියාගත්තා නම් ඇති.


4️.අයියෝ මීට වඩා හොඳ එකක් හොයාගන්න බැරි වුනාද?

මෙන්න මේකත් ප්‍රොෆෙෂනල් දත් ගලවන ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව හොයාගන්න පුළුවන් බොහොම ලේසි ක්‍රමයක්.

ආයෙ උල්කාපාතයකින් මුතු ගෙනැල්ලා දුන්නත් වැඩක් නෑ, අහනවා මැද්දෙන් දිලිසෙන වෙන මුතු හොයාගන්න නැද්ද කියලා. කොච්චර කළත් ඇති වැඩකුත් නෑ, ගුණේකුත් නෑ. ආසාවෙන් ගෙනැල්ලා දෙන තෑග්ග අතටත් අරගෙන ඒකේ දකින්නේ ඇදයක්.

 හැම වෙලාවකම ඕන වෙන්නේ ඊට වඩා වැඩි දෙයක්.






5️.මට සල්ලි හදිසියක් වෙලා අනේ!

අපි ඕනම කෙනෙක්ට සල්ලි හදිසි වෙන්න පුළුවන්. හදිසියේ අතමාරු කරගන්න වෙන අවශ්‍යතා ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේ වෙලාවකට අතමාරුවක් කරගන්න ඉන්න විශ්වාසවන්තම කෙනා තමන්ගේ කොල්ලා හරි කෙල්ල හරි මිසක් වෙන කවුද? හැබැයි ඉතින් කවුරුහරි අපි එක්ක ලව් එකේ වගේ ඉන්න කෙල්ලෙක්ට නිතර නිතර සල්ලි හදිස්සි ඇති වෙනවා නම්, එහෙම හදිසියට අතමාරුවට ඉල්ල ගන්න සල්ලි ඔක්කොම ලව් ණය විදියට කැපිලා යනවා නම් ආන්න පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා.

අඩු තරමින් ඒ සල්ලි ආයෙමත් ගෙවන්න උනන්දුවක්වත් නැතුව ආයෙ ආයෙමත් අතමාරු දාගන්න, ඊට පස්සේ ලව් මූඩ් පෙන්නලා ඒකත් අමතක කරලා දාන ඩයල් එකක් නම්, පරිස්සම් වෙන්න! ඔය ඩේට් කරන්නේ දත ගලවන්නියක්.!


දෙවන කොටසෙන් නැවත හමුවෙමු 

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!