zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

පැසිෆික් කලාපයේ යමහල් විදාරණ හේතුවෙන් පෘථිවිය සියවස් ගණනාවක් පුරා සිසිල් වී ඇති බව හෙළි වෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

පෘථිවියේ පසුගිය සහස්‍ර කිහිපය තුළ සිදු වූ අබිරහස් මෙන්ම දීර්ඝකාලීන සිසිල් වීමේ කාලපරිච්ඡේදයන් සඳහා ප්‍රධාන හේතුවක් ලෙස ‘පැසිෆික් ගිනි වළල්ල’ (Pacific Ring of Fire) කලාපයේ සිදුවූ යමහල් විදාරණ බලපා ඇති බව නවතම අධ්‍යයනයකින් පෙන්වා දෙනවා. ස්විට්සර්ලන්තයේ බාසල් විශ්වවිද්‍යාලයේ (University of Basel) පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කළ මෙම අධ්‍යයනයේ තොරතුරු පසුගිය දා Nature Communications සඟරාවේ පළ වී තිබුණා.

අයිස් යුගයෙන් පසු පෘථිවිය පසුගිය වසර 12,000 ක පමණ කාලය තුළ ‘හොලෝසීන්’ (Holocene) නමින් හැඳින්වෙන සාපේක්ෂව උණුසුම් යුගයක් පසු කරමින් සිටිනවා. නමුත් මෙම යුගය තුළ දී ද පෘථිවියේ උෂ්ණත්වය හදිසියේ පහත වැටුණු අවස්ථා 22ක් පමණ හඳුනාගෙන ඇති අතර, මේවා සියවස් කිහිපයක් පුරා පැවතීම හේතුවෙන් ග්ලැසියර ව්‍යාප්ත වීමක් ද සිදුව තිබෙනවා. හිරුගේ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් හෝ සාගර දියවැල්වල වෙනස්වීම් මීට හේතු වන්නට ඇතැයි මීට පෙර අනුමාන කළ ද, මෙතරම් දීර්ඝ කාලයක් පෘථිවිය සිසිල් වීමට නිශ්චිත හේතුවක් මෙතෙක් විද්‍යාඥයන්ට සොයාගැනීමට හැකි වී තිබුණේ නැහැ.

පශ්චාත්-ආචාර්ය උපාධි පර්යේෂිකා ඇලිස් පේන් (Alice Paine) ඇතුළු ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායම මේ සඳහා පිළිතුරක් සෙවීමට අතීතයේ සිදුවූ සුවිශාල යමහල් විදාරණ 51ක් පිළිබඳව දත්ත විශ්ලේෂණය කරනු ලැබුවා. මින් බොහොමයක් ම සිදුව ඇත්තේ බටහිර පැසිෆික් සාගරයේ භූ තැටි එකිනෙක ගැටෙන ක්‍රියාකාරී කලාපයක් වන ගිනි වළල්ලේ යි. පර්යේෂකයන් ආක්ටික් සහ ඇන්ටාක්ටික් කලාපවලින් ලබාගත් අයිස් සාම්පල මෙන්ම අළු තැන්පතුවල ඇති කාබනික ද්‍රව්‍ය යොදාගනිමින් මෙම විදාරණ සිදුවූ කාලවකවානු නිශ්චිතවම ගණනය කර තිබෙනවා.

එහිදී ඔවුන්ට පෙනී ගොස් ඇත්තේ ඉහත කී ග්ලැසියර වර්ධනය වූ කාලවකවානුවලින් සියයට 80කට වඩා වැඩි ප්‍රමාණයක්, අවම වශයෙන් එක් යමහල් විදාරණයක් සමඟ හෝ සමපාත වන බවයි.

මෙම යාන්ත්‍රණය සිදුවන ආකාරය ද පර්යේෂකයන් විසින් පැහැදිලි කර තිබෙනවා. යමහල් විදාරණයක දී අතිවිශාල සල්ෆර් අංශු ප්‍රමාණයක් වායුගෝලයට එකතු වන අතර, එම අංශු මගින් සූර්යාලෝකය නැවත අභ්‍යවකාශයට පරාවර්තනය කරනවා. මේ හේතුවෙන් විශේෂයෙන් ම උතුරු අර්ධගෝලයේ පෘථිවි පෘෂ්ඨය සිසිල් වීමකට ලක් වනවා.

මෙලෙස ආරම්භ වන සිසිල් වීම නිසා ආක්ටික් මුහුදු අයිස් තට්ටුව පුළුල් වන අතර, එමගින් සාගරයේ සිට වායුගෝලයට මුදාහැරෙන උණුසුම අඩාල වී සාගර දියවැල්වල ගමන් රටාව ද වෙනස් වන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.

“මේ සියලුම බලපෑම් එකිනෙකට සම්බන්ධ වී හිමබෝලයක් පෙරළීගෙන එනවාක් මෙන් (snowball effect) ක්‍රමයෙන් වර්ධනය වනවා. සල්ෆර් අංශු මගින් මෙම ක්‍රියාවලිය ආරම්භ කළ ද, එම අංශු වායුගෝලයෙන් ඉවත් වී ගිය පසුත්, එයින් පෘථිවියට ඇති වූ බලපෑම දශක හෝ සියවස් ගණනාවක් පුරා පවතිනවා” යනුවෙන් ඇලිස් පේන් වැඩිදුරටත් සඳහන් කරනවා.



from Vidusara Science Magazine https://ift.tt/cKryFVw
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!