zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

SpaceX කොටස් වෙළෙඳපොළට

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඊලොන් මස්ක්ගේ අභ්‍යවකාශ තාක්ෂණ සමාගම වන SpaceX, ඇමරිකානු කොටස් වෙළෙඳපොළට පිවිසීමේ (IPO) සිය නිල සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මූලාශ්‍රවලට අනුව, මෙම ඓතිහාසික කොටස් නිකුතුව ලබන ජුනි මස 12 වන දින පමණ නස්ඩැක් (Nasdaq) වෙළෙඳපොළේ SPCX* යන සංකේතය යටතේ සිදුවීමට නියමිතයි.

මෙම ප්‍රසිද්ධ කොටස් නිකුතුව හරහා සමාගම ඩොලර් බිලියන 80ක පමණ ආයෝජනයක් අපේක්ෂා කරන අතර, එමඟින් ස්පේස්එක්ස් සමාගමේ වෙළෙඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.75ක් දක්වා ඉහළ යනු ඇතැ යි ගණන් බලා තිබෙනවා. මෙම ක්‍රියාවලිය සාර්ථක වුවහොත්, දැනට ඩොලර් බිලියන 807ක ශුද්ධ වත්කමක් හිමි ඉලොන් මස්ක්, ලොව ප්‍රථම ට්‍රිලියනපතියා බවට පත්වීමට වැඩි ඉඩක් පවතින බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

ප්‍රථම වරට ප්‍රසිද්ධියට පත් කරන ලද මූල්‍ය දත්තවලට අනුව, සමාගමේ වර්තමාන තත්ත්වය පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක් අනාවරණය වී තිබෙනවා.

ඉකුත් වසරේ දී සමාගම ඩොලර් බිලියන 18.7ක ආදායමක් උපයා ඇති අතර, එහි ප්‍රාග්ධන වියදම ඩොලර් බිලියන 20 ඉක්මවා තිබෙනවා. එසේ ම 2026 වසරේ පළමු කාර්තුව තුළ පමණක් සමාගම ඩොලර් බිලියන 4.2ක අලාභයක් ලබා තිබුණා.
සමාගමේ වඩාත් ම ශක්තිමත් අංශය ලෙස ‘ස්ටාර්ලින්ක්’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව හඳුනාගෙන ඇති අතර, එය 2025 වසරේ දී පමණක් ඩොලර් බිලියන 11.4ක ආදායමක් උපයා තිබෙනවා.
කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය සඳහා සමාගම ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කරමින් සිටින අතර, OpenAI සහ Anthropic වැනි ආයතන සිය ප්‍රධාන තරඟකරුවන් ලෙස නම් කර තිබෙනවා.

SpaceX සමාගම සිය ප්‍රධාන මෙහෙවර ලෙස දක්වා ඇත්තේ මිනිස් ජීවිතය බහු-ග්‍රහලෝක (multiplanetary) තත්ත්වයට පත් කිරීම සහ විශ්වයේ සැබෑ ස්වභාවය අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණයන් ගොඩනැගීමයි. මේ වන විටත් ඇමරිකානු රජය සමඟ පුළුල් ගිවිසුම් ගණනාවකට එළඹ ඇති මෙම සමාගම, ලොව ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ රොකට් නිෂ්පාදකයා ලෙස සිය ස්ථානය තහවුරු කරගෙන සිටිනවා.



from Vidusara Science Magazine https://ift.tt/3N6yrWb
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!