zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Shenzhou-23 උඩුගුවනට

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

චීනය සිය අභ්‍යවකාශ වැඩසටහනේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් Shenzhou-23 යානය ඊයේ (24) වයඹදිග චීනයේ ජියුක්වාන් මධ්‍යස්ථානයෙන් සාර්ථක ව අභ්‍යවකාශගත කරනු ලැබුණා. ඒ Long March 2F රොකට්ටුවක ආධාරයෙන්. මෙම මෙහෙයුම හුදෙක් කාර්ය මණ්ඩල හුවමාරුවකට වඩා, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ක්‍රමානුකූල ව විද්‍යාත්මක පර්යේෂණ සිදුකරන මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කෙරෙන තීරණාත්මක අවධියක් ලෙස සැලකෙනවා. මෙවර මෙහෙයුම සඳහා අණදෙන නිලධාරී ෂූ යැංෂු නියමු ෂැං ෂියුවාන් සමඟ හොංකොංහි තොරතුරු විද්‍යා විශේෂඥවරියක වන ලී ජියායිං අයබර විශේෂඥවරියක ලෙස එක් ව සිටිනවා. මෙය මීට පෙර මෙහෙයුම්වලට වඩා වෙනස් වන්නේ, විද්‍යාත්මක කටයුතු සඳහා ම වෙන් වූ විශේෂඥයෙකු ප්‍රථම වරට සම්බන්ධ කර ගැනීම හේතුවෙන්.

මෙම මෙහෙයුමේ විද්‍යාත්මක වැඩසටහන වඩාත් පුළුල් පර්යේෂණ රැසකින් සමන්විත වන අතර, විශේෂයෙන් ම අභ්‍යවකාශ ජීව විද්‍යාව පිළිබඳව මෙහි දී වැඩි අවධානයක් යොමු කෙරෙනවා. ඒ අනුව සීබ්‍රාෆිෂ් කලල, මී කලල සහ ප්‍රාථමික සෛල ආශ්‍රිත ව්‍යුහයන් මාස පහක කාලයක් අභ්‍යවකාශ විකිරණ සහ ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණයට නිරාවරණය කරමින් ඒවායේ ප්‍රජනනය සහ වර්ධනය අධ්‍යයනය කිරීමට සැලසුම් කර තිබෙනවා. මීට අමතර ව, මිනිස් සිරුර අභ්‍යවකාශ පරිසරයට හැඩගැසෙන ආකාරය පිළිබඳව චීනය විසින් සිදුකෙරෙන වසරක කාලයක් පුරා දිවෙන පර්යේෂණයක් ද මෙහි දී ක්‍රියාත්මක වන අතර, ක්ෂීරපායීන්ගේ පටකවල සිදුවන කායික විද්‍යාත්මක වෙනස්කම් අධ්‍යයනය කිරීම මඟින් අභ්‍යවකාශගාමීන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ වැදගත් දත්ත රැස් කිරීමට නියමිත ව තිබෙනවා.

මෙම අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා Shenzhou-23 මෙහෙයුමේ තාක්ෂණික වැඩිදියුණු කිරීම් රැසක් සිදු කර ඇති අතර, විශේෂයෙන් ම පාලන පුවරු කුඩා කර ඉඩකඩ ඉතිරි කිරීම හරහා පර්යේෂණ සාම්පල පෘථිවියට රැගෙන ඒමේ හැකියාව ඉහළ නංවා තිබෙන බව වාර්තා වනවා. හොංකොංහි දායකත්වය ද මෙවර මෙහෙයුමෙන් කැපී පෙනෙන අතර, ලී ජියායිංගේ සහභාගීත්වයට අමතර ව හොංකොං පර්යේෂකයන් නිපදවූ හරිතාගාර වායු නිරීක්ෂණ පද්ධති ක්‍රියාත්මක කිරීම සහ ඉදිරි Chang’e-7 සහ Chang’e-8 වැනි චන්ද්‍ර මෙහෙයුම් සඳහා රොබෝ තාක්ෂණයෙන් දායක වීම වැනි පුළුල් සහයෝගීතාවන් මේ හරහා ප්‍රදර්ශනය වනවා. සමස්තයක් ලෙස, Shenzhou-23 මෙහෙයුම මඟින් විද්‍යාත්මක නිෂ්පාදනය සහ ආයතනික ඒකාබද්ධතාවය මත මෙහෙයුම් සාර්ථකත්වය මැන බලන චීන අභ්‍යවකාශ ඉතිහාසයේ නව යුගයක් සනිටුහන් කර ඇති බව පෙනෙන්නට තිබෙනවා.



from Vidusara Science Magazine https://ift.tt/3OiKkbL
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!