zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

OpenAI සමාගමේ Sora AI වීඩියෝ උත්පාදන මෙවලම වැසෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

OpenAI සමාගම විසින් සිය Sora AI වීඩියෝ උත්පාදන යෙදුම සහ එහි API සහාය නිල වශයෙන් නතර කරන බව නිවේදනය කළා. මෙම තීරණය ගෙන ඇත්තේ එම යෙදුම දියත් කර මාස හයක් වැනි කෙටි කාලයක් තුළ දී වීම විශේෂත්වයක්.

OpenAI හි ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් පවසා ඇත්තේ, Sora වැනි අධික පරිගණන බලයක් අවශ්‍ය වන මෙවලම් නතර කිරීම මඟින් සමාගමේ මීළඟ පරම්පරාවේ AI මාදිලි සහ ව්‍යාපාරික මෙවලම් සංවර්ධනය සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන බවයි. විශේෂයෙන්ම ‘Spud’ නමැති නව AI මාදිලිය සහ රොබෝ තාක්ෂණය පිළිබඳ පර්යේෂණ කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙන බව ද ඔහු සඳහන් කළා.

Sora නතර කිරීමට ගත් මෙම හදිසි තීරණයත් සමඟ ඩිස්නි සමාගම සහ OpenAI අතර තිබූ ඇමරිකානු ඩොලර් බිලියනයක දැවැන්ත ආයෝජන ගිවිසුම ද අවලංගු වී තිබෙනවා. එම ගිවිසුම යටතේ මිකී මවුස් සහ සින්ඩරෙල්ලා වැනි ඩිස්නි චරිත භාවිත කරමින් වීඩියෝ නිර්මාණය කිරීමට Sora පරිශීලකයින්ට අවස්ථාව ලබා දීමට නියමිත ව තිබුණා.

Sora යෙදුම 2025 වසරේ දී දියත් කරන ලද අතර, මුල් සතියේ දී ම මිලියනයකට වඩා බාගත කිරීම් වාර්තා කරමින් අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. කෙසේ වෙතත්, ව්‍යාජ වීඩියෝ, ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වැරැදි තොරතුරු ප්‍රචාරය වීමේ අවදානම හේතුවෙන් මෙම මෙවලම දැඩි විවේචනයට ද ලක් වුණා. මීට අමතර ව, Sora ඔස්සේ, මියගිය පුද්ගලයින්ගේ සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ රූප වැරැදි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ද සමාගමට චෝදනා එල්ල වුණා.

OpenAI සමාගම විසින් Sora යෙදුම සහ API සම්පූර්ණයෙන් ම වසා දැමීමට අදාළ කාලරාමුව ඉදිරියේ දී ප්‍රකාශ කිරීමට නියමිත අතර, පරිශීලකයින්ට ඔවුන්ගේ නිර්මාණ සුරැකීමට අවශ්‍ය පහසුකම් ද සලසන බව පවසා තිබෙනවා.

Sora ක්ෂේත්‍රයෙන් ඉවත් වුවද, Runway Gen-4, Google Veo 2, Kling 2.0 සහ Pika 2.0 වැනි අනෙකුත් තරගකාරී AI වීඩියෝ මෙවලම් තවදුරටත් වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වනවා. විශේෂයෙන්ම Google Veo 2 දැනට පවතින හොඳ ම නොමිලේ ලබාගත හැකි වීඩියෝ උත්පාදන මෙවලම ලෙස සැලකෙනවා.



from Vidusara Science Magazine https://ift.tt/Wk9COwM
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!