ජිනීවා නුවර පිහිටි යුරෝපීය අංශු භෞතික විද්‍යා පර්යේෂණාගාරය වන CERNහි විද්‍යාඥයින් විසින් ප්‍රථම වතාවට ප්‍රතිපදාර්ථ (Antimatter) ප්‍රවාහනය කිරීමේ ඓතිහාසික පරීක්ෂණයක් සඳහා සූදානම් වෙමින් සිටිනවා.
මේ මස අග දී පැවැත්වීමට නියමිත විනාඩි 20ක පරීක්ෂණ චාරිකාවක දී, විද්‍යාඥයින් විසින් ටොන් එකක් බර විශේෂිත උපාංගයක් තුළ බහා ප්‍රතිපදාර්ථ ලොරි රථයක් මඟින් CERN පරිශ්‍රය තුළ ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම පරීක්ෂණයේ මූලික අරමුණ වන්නේ අනාගතයේ දී ප්‍රතිපදාර්ථ ආරක්ෂිත ව වෙනත් පර්යේෂණාගාර වෙත ප්‍රවාහනය කළ හැකි බව තහවුරු කිරීමයි.
මෙම ප්‍රතිපදාර්ථ රඳවා තබා ගැනීම සඳහා සෙල්සියස් අංශක -269ක අධික ශීතලකින් යුත්, අන්තරීක්ෂ අවකාශයට සමාන රික්තක තත්වයක් සහිත විශේෂිත කුටීරයක් භාවිත කෙරෙනවා. ප්‍රබල චුම්බක සහ විද්‍යුත් ක්ෂේත්‍ර මඟින් ප්‍රති-ප්‍රෝටෝන 1,000ක් පමණ මෙම කුටීරයේ මධ්‍යයේ රඳවා තබා ගනු ලබන අතර, කිසියම් හෙයකින් මෙම පද්ධතිය අක්‍රීය වුව ද, ඉන් මුදාහැරෙන ශක්තිය ඉතා අවම බැවින් එය අනතුරුදායක නො වන බව විද්‍යාඥයන් පවසනවා.
ප්‍රතිපදාර්ථ පිළිබඳ සංකල්පය ප්‍රථම වතාවට 1928 දී භෞතික විද්‍යාඥ පෝල් ඩිරැක් විසින් ඉදිරිපත් කරන ලද අතර, 1932 දී කාල් ඇන්ඩර්සන් විසින් එහි පැවැත්ම ප්‍රායෝගික ව තහවුරු කරනු ලැබුණා. නවීන විද්‍යාත්මක ආකෘතීන්ට අනුව, මහා පිපිරුමේ දී පදාර්ථ සහ ප්‍රතිපදාර්ථ සමාන ප්‍රමාණයන්ගෙන් නිර්මාණය විය යුතු වුව ද, වර්තමාන විශ්වය ප්‍රධාන වශයෙන් පදාර්ථවලින් පමණක් සැකසී තිබීම තවමත් නො විසඳුණු අභිරහසක් ලෙස ඉතිරි ව පවතිනවා.
විද්‍යාඥයින්ගේ බලාපොරොත්තුව වන්නේ මෙමඟින් විශ්වය නිර්මාණය වීමේදී ප්රතිපදාර්ථවලට වඩා සාමාන්‍ය ද්‍රව්‍ය ප්රමුඛ වූයේ ඇයි ද යන්න පිළිබඳ රහස සෙවීමයි. CERN හි ප්‍රතිපදාර්ථ විද්‍යාගාරයෙන් බැහැර ව සිදුකරන වඩාත් නිවැරැදි පරීක්ෂණ මඟින් මේ පිළිබඳ නව තොරතුරු සොයාගත හැකි වනු ඇතැ යි භෞතික විද්‍යාඥ ආචාර්ය ක්‍රිස්ටියන් ස්මෝරා පවසනවා.
from Vidusara Science Magazine https://ift.tt/eG2kdWZ
via Magazine







Post a Comment