zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

රුසියාව බයිකොනූර් සිට යළිත් අභ්‍යවකාශ ගමන් අරඹයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

පසුගිය වසරේ සිදුවූ අනතුරකින් හානියට පත් වූ කසකස්තානයේ පිහිටි බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දියත් කිරීමේ පීඨිකාව පිළිසකර කිරීමෙන් අනතුරුව, රුසියාව සිය ප්‍රථම රොකට්ටුව ඉරිදා දින සාර්ථක ව දියත් කළා. මේ හරහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමේ හැකියාව රුසියාවට යළි හිමි වී තිබෙනවා.

රොස්කොස්මොස් හෙවත් රුසියානු අභ්‍යවකාශ ඒජන්සියට අනුව, ඉකුත් ඉරුදින ග්‍රිනිච් වේලාවෙන් 1200 ට Progress MS-33 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය රැගත් Soyuz-2.1a රොකට්ටුව සාර්ථක ව දියත් කර කක්ෂගත කර තිබෙනවා. මෙම යානය අද දින (24) ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ හා ඈඳීමට නියමිතයි.

මෙම දියත් කිරීමේ පීඨිකාව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී බරපතල ලෙස හානියට ලක් වූයේ රුසියානු ගගනගාමීන් දෙදෙනෙකු සහ ඇමරිකානු NASA ගගනගාමියෙකු රැගත් Soyuz MS-28 අභ්‍යවකාශ යානය දියත් කිරීමේ දීයි. එම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු නොවූ අතර කාර්ය මණ්ඩලය ආරක්ෂිත ව අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත ළඟා වුව ද, එමඟින් රුසියාවට ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත මිනිසුන් හෝ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට තිබූ එක ම මාර්ගය මාස කිහිපයකට අහිමි වී ගියා.

රුසියාව සතු ව වෙනත් අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථාන සහ දියත් කිරීමේ ස්ථාන තිබුණ ද, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත කාර්ය මණ්ඩලය සහ භාණ්ඩ රැගෙන යන සෝයූස් රොකට්ටුව හැසිරවිය හැකි එක ම දියත් කිරීමේ පීඨිකාව වූයේ හානියට පත් වූ මෙම ස්ථානයයි. මෙම සාර්ථක දියත් කිරීමත් සමඟ රුසියාවේ අභ්‍යවකාශ මෙහෙයුම්වල තීරණාත්මක සන්ධිස්ථානයක් යළි සක්‍රිය වී තිබෙනවා.



from Vidusara Science Magazine https://ift.tt/4esnlwI
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!