zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ලොව දීර්ඝතම පියාසැරිය සිදුකළ පක්ෂියා

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඇලස්කාවේ සිට ටැස්මේනියාව දක්වා කිලෝමීටර් 13,560ක දුරක් නොකඩවා පියාසර කරමින් බාර්-ටේල්ඩ් ගොඩ්විට්’ (Limosa lapponica) වර්ගයට අයත් පක්ෂියෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇත තිබෙනවා. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කරන ලද මෙම පක්ෂියා, දින එකොළහක් වැනි කෙටි කාලයක දී මෙම අති දුෂ්කර ගමන නිම කර තිබෙනවා.

පැසිෆික් සාගරය හරහා සිදු කළ මෙම සංක්‍රමණයේදී පක්ෂියා ආහාර, ජලය හෝ විවේකය සඳහා කිසිදු නැවතුමකින් තොර ව ගුවනේ රැඳී සිටීම විශේෂත්වයක්. මෙය පක්ෂියෙකු විසින් වාර්තා කරන ලද දීර්ඝතම නො කඩවා සිදු කළ පියාසැරිය ලෙස ඉතිහාසයට එක්වන අතර, එම සතුන්ගේ පවතින සුවිශේෂී ජීව විද්‍යාත්මක සීමාවන් සහ නාවික නිරවද්‍යතාවය පිළිබඳව විද්‍යාඥයින්ගේ මවිතයට හේතු වී තිබෙනවා.

මෙම වාර්තාගත ගමනේ රහස පක්ෂියාගේ සිරුරේ පවතින අසාමාන්‍ය කායික අනුවර්තනයන් බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. ගමන ආරම්භ කිරීමට පෙර, මෙම පක්ෂීන් තම සිරුර තුළ විශාල මේද සංචිතයක් රැස් කර ගන්නේ ගමනට අවශ්‍ය ඉන්ධන ලෙස භාවිත කිරීමටයි. වඩාත් විස්මය දනවන කරුණ නම්, පියාසර කරන අතරතුර තම සිරුරේ බර අඩු කර ගැනීම සහ ශක්තිය ඉතිරි කර ගැනීම සඳහා, ඔවුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුළු අභ්‍යන්තර අවයව හැකිළීමට පවා මෙම පක්ෂීන්ට හැකියාව පැවතීමයි.

මෙලෙස තම ශරීරය අධි-කාර්යක්ෂම පියාසර යන්ත්‍රයක් ලෙස ස්වයං ව ප්‍රතිනිර්මාණය කර ගනිමින්, පෘථිවියේ අර්ධයකට ආසන්න දුරක් එක දිගට ගමන් කිරීමට මෙම පක්ෂීන් සමත් වී තිබෙනවා.



from Vidusara Science Magazine https://ift.tt/W8GIXhO
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!