zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මිනිසා සහ සුනඛයා අතර බැඳීමට වසර 15,000කට වැඩි ඉතිහාසයක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මිනිසාගේ සමීපතම මිතුරා ලෙස සැලකෙන සුනඛයා සහ මිනිසා අතර පවතින නො බිඳුණු සබඳතාව වසර 15,000කට වඩා පැරණි බව නවතම පුරාණ DNA විශ්ලේෂණයකින් අනාවරණය වී තිබෙනවා. Nature ජර්නලයේ පළ වූ මෙම පෙරළිකාර පර්යේෂණයට අනුව, කෘෂිකර්මාන්තය ආරම්භ වීමට බොහෝ කලකට පෙර, එනම් අවසාන අයිස් යුගයේ සිට ම දඩයම්කරුවන් සුනඛයන් ඇති දැඩි කර ඇති බව හෙළි වී තිබෙනවා.

මෙම අධ්‍යයනය මඟින් සුනඛයන් හීලෑ කිරීම පිළිබඳ පැවති පැරණිතම ජානමය සාක්ෂි තවත් වසර 5,000කින් පමණ අතීතයට ගෙන ගොස් තිබෙනවා. තුර්කියේ ඇනටෝලියාවෙන් හමුවූ වසර 15,800ක් පැරණි සුනඛ අවශේෂ මිනිස් සිරුරු සමඟ මිහිදන් කර තිබූ අතර, බ්‍රිතාන්‍යයේ සමර්සෙට් හි ගෝෆ් ලෙනෙන් වසර 14,300ක් පැරණි සුනඛ හකු ඇටයක් හමු වී තිබුණා. මීට පෙර පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව සුනඛයන් හීලෑ කිරීම වසර 12,000කට පමණ පෙර සිදු වූ බව විශ්වාස කළ ද, ජානමය සාක්ෂි හමුවී තිබුණේ වසර 10,900ක් දක්වා පමණයි.

පර්යේෂකයන් පවසන පරිදි, මෙම පැරණි සුනඛයන් පෙනුමෙන් කුඩා වෘකයන්ට සමාන වූ අතර, ඔවුන්ට කෙටි මුඛයක් සහ ශක්තිමත් බවන් සාපේක්ෂව අඩු හකු පිහිටා තිබෙනවා. තුර්කියෙන් හමුවූ සාක්ෂිවලට අනුව, එකල මිනිසුන් අනුභව කළ මසුන් වැනි ආහාර ම මේ සුනඛයන්ට ද ලබා දී ඇති අතර, එයින් පෙනී යන්නේ මිනිසුන් ඉතා ඕනෑකමින් ඔවුන් පෝෂණය කර ඇති බවයි. එසේ ම, මියගිය මිනිසෙකුගේ පාද මත බලු පැටවුන් තිදෙනෙකු මිහිදන් කර තිබීමෙන් එකල මිනිසා සහ සුනඛයා අතර පැවති දැඩි ආවේගාත්මක බැඳීම මැනවින් පැහැදිලි වනවා.

ජර්මනියේ ලුඩ්විග් මැක්සිමිලියන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ලාචි ස්කාර්ස්බෲක් සඳහන් කරන්නේ, වසර 15,000කට පෙර යුරේසියාව පුරා විවිධ වංශාවලියන්ට අයත් සුනඛයන් ව්‍යාප්ත වී සිටි බවයි. මෙම සුනඛයන් හුදෙක් සුරතලුන් ලෙස පමණක් නොව, දඩයම් කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට සහ විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා මුල් කාලීන අනතුරු ඇඟවීමේ පද්ධතියක් ලෙස ද වැදගත් මෙහෙයක් ඉටු කරන්නට ඇතැ යි විද්‍යාඥයෝ විශ්වාස කරනවා. එකල විවිධ මානව කණ්ඩායම් අතර මෙම සතුන් හුවමාරු කර ගැනීම ද සිදුවන්නට ඇති බව ද පර්යේෂකයන් උපකල්පනය කරනවා. මෙම සොයා ගැනීම මඟින් මිනිස් ශිෂ්ටාචාරයේ මුල් අවධියේ දී පටන් ම සුනඛයා ඉටුකරමින් පවතින තීරණාත්මක සහ සංවේදී මෙහෙය නැවත වරක් තහවුරු කරනවා.



from Vidusara Science Magazine https://ift.tt/bH9YveP
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!