zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

NASA ගගනගාමී සුනීතා විලියම්ස් විශ්‍රාම දිවියට

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

දිගු කලක් පුරා NASA ආයතනයේ ගගනගාමියෙකු ව සිටි සුනී විලියම්ස් ඉකුත් අඟහරුවාදා සිය විශ්‍රාම ගැනීම නිල වශයෙන් නිවේදනය කළා. ඒ් ඉකුත් වසරේ Boeing Starliner යානයේ පරීක්ෂණ පියාසැරිය අතරතුර එහි ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් දිගු කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටීමට සිදු වූ ලොව පුරා අවධානයට ලක් වූ මෙහෙයුම සිය අවසාන අභ්‍යවකාශ මෙහෙයුම බවට පත් කරමින්.

1998 වසරේ දී NASA වෙත බැඳුණු දා සිට අභ්‍යවකාශ චාරිකා හා සම්බන්ධ වාර්තා කිහිපයක් ම පිහිටුවා ඇති විලියම්ස්, ඇයගේ විශ්‍රාම ගැනීම සිදුවන කාලය පිළිබඳව එම ආයතනය විසින් අඟහරුවාදා නිකුත් කරන ලද ප්‍රකාශයේ කිසිදු සඳහනක් කර තිබුණේ නැහැ.

“මාව දන්නා ඕනෑ ම අයෙකු දන්නේ මා සිටීමට වඩාත් ම ප්‍රිය කරන ස්ථානය අභ්‍යවකාශය බවයි,” විලියම්ස් එහි දී සඳහන් කළා. “ගගනගාමී කාර්යාලයේ (Astronaut Office) සේවය කිරීමට ලැබීම සහ තුන් වතාවක් අභ්‍යවකාශයට පියාසර කිරීමට අවස්ථාව ලැබීම මට හිමි වූ සුවිශේෂී ගෞරවයක්.” ඇය පවසනවා.

2006 වසරේ ඩිස්කවරි ෂටලයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිවිසෙමින් සිය ප්‍රථම අභ්‍යවකාශ ගමන සනිටුහන් කළ සුනීතා ලින් විලියම්ස්, 2012 වසරේ රුසියානු සෝයූස් කැප්සියුලකින් දෙවැනි වතාවට අභ්‍යවකාශයට පිවිසියා. නමුත් ඇය වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ සහෝදර NASA ගගනගාමී බුච් විල්මෝර් සමඟ, Boeing සමාගමේ නව Starliner කැප්සියුලය එහි පළමු නියමු මෙහෙයුම ලෙස පරීක්ෂණ පියාසර කරවීමට එක් වූ ඇයගේ ආසන්නතම මෙහෙයුමෙන්.

විල්මෝර් සහ විලියම්ස් මෙම පරීක්ෂණ පියාසර කිරීමේ දී අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සතියක පමණ කාලයක් ගත කිරීමට බලාපොරොත්තු වූ නමුත් Starliner යානයේ මතු වූ තාක්ෂණික ගැටලු හේතුවෙන් අවසානයේ මාස නවයකට වඩා වැඩි කාලයක් එහි රැඳී සිටීමට සිදු වුණා. ආරක්ෂක හේතූන් මත එම යානය ඔවුන් දෙදෙනා නොමැතිව පෘථිවියට රැගෙන ඒමට NASA පියවර ගත්තා.

මේ සිදුවීමත් සමඟ විල්මෝර් සහ විලියම්ස් ජාත්‍යන්තර අවධානයට ලක් වූ අතර තමන් කක්ෂය තුළ ගත කළ කාලය සතුටින් සහ ඵලදායී ලෙස භුක්ති විඳි බවත්, මෙම අනපේක්ෂිත දීර්ඝ රැඳී සිටීම සඳහා තමන් මනාව සූදානම් ව සිටි බවත් මෙම ගගනගාමීන් දෙපළ ම නිතර ම අවධාරණය කළා.

“මට නාසා ආයතනය තුළ වසර 27 ක අතිවිශිෂ්ට වෘත්තීය ජීවිතයක් තිබුණා. එයට ප්‍රධානතම හේතුව මගේ සගයන්ගෙන් මට ලැබුණු අපරිමිත ආදරය සහ සහයෝගයයි,” විලියම්ස් සඳහන් කරනවා. “ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය, එහි සිටින මිනිසුන්, ඉංජිනේරු ශිල්පය සහ විද්‍යාව සැබවින් ම විස්මිතයි. සඳ සහ අඟහරු වෙත යන මීළඟ ගවේෂණ පියවරයන් සාර්ථක කර ගැනීමට ඒවා මග පෑදුවා. අප දැමූ මෙම පදනම එම නිර්භීත පියවරයන් තැබීම තවත් පහසු කරනු ඇතැ යි මම බලාපොරොත්තු වෙනවා.” ඇය වැඩිදුරටත් පවසනවා.

විලියම්ස් අභ්‍යවකාශයේ ගත කර ඇති සම්පූර්ණ කාලය දින 608ක් ලෙස සඳහන් වන අතර, එය දෙවැනි වන්නේ අභ්‍යවකාශයේ වැඩිම දින ගනනක් වාර්තා කළ NASA ගගනගාමී පෙගී විට්සන්ටයි.

නිම්නා අමරසේකර



from Vidusara Science Magazine https://ift.tt/L7AvS1V
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!