zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඩයිනෝසෝර පා සලකුණු හඳුනාගැනීමට AI ඇප් එකක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

වසර මිලියන ගණනකට පෙර ඩයිනෝසරයන් පොළොව මත ඇවිදීමේ දී ඉතිරි වූ පා සලකුණු ඇසුරින්, ඔවුන් කවුරුන් දැ යි හඳුනාගත හැකි කෘත්‍රිම බුද්ධිය යෙදුමක් නිර්මාණය කිරීමට විශේෂඥයන් පිරිසක් සමත් ව සිටිනවා.

“අපට ඩයිනෝසර පා සලකුණක් හමු වූ විට, අපි උත්සාහ කරන්නේ සින්ඩරෙල්ලා කතාවේ වගේ ඒ සපත්තුවට ගැලපෙන කකුල හිමි තැනැත්තා කවුදැයි සොයා ගැනීමටයි. නමුත් එය එතරම් සරල නැහැ. මොකද පා සලකුණක හැඩය තීරණය වන්නේ ඩයිනෝසරයාගේ පාදයේ හැඩය මත පමණක් නො වෙයි; ඔවුන් ඇවිද ගිය වැලි හෝ මඩ වර්ගය සහ ඔවුන් පාදය තැබූ ආකාරය මතයි.” මේ පිළිබඳව අදහස් දක්වන එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් බෲසැට් පවසනවා.

පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ මීට පෙර පැවති කෘත්‍රිම බුද්ධි පද්ධති පුහුණු කර තිබුණේ දැනටමත් වර්ගීකරණය කරන ලද පා සලකුණු ඇසුරින් බවයි. නමුත් එම මුල් වර්ගීකරණයන් වැරැදි නම්, ඒ මත පදනම් වන AI පද්ධතිය ද දෝෂ සහිත විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

ජර්මනියේ හෙල්ම්හෝල්ට්ස්-සෙන්ට්‍රම් ආයතනයේ ආචාර්ය ග්‍රෙගර් හාර්ට්මන් පවසන්නේ, විද්‍යාඥයන් හට අපට කිසි විටකත් ඩයිනෝසර පා සලකුණක් සහ එය තැබූ ඩයිනෝසරයාව එක ම තැනක දී හමුවන්නේ නැති බවයි. ඒ නිසා බොහෝ විට එම පැරණි ලේබල් කිරීම් දෝෂ සහගත වීමට ඉඩ තිබෙන බව ද ඔහු සඳහන් කරනවා.

මීට වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරමින්, බෲසැට්, හාර්ට්මන් සහ ඔවුන්ගේ සගයන් විසින් වර්ගීකරණය නො කළ පා සලකුණු සෙවණැලි ඡායාවන් 2,000ක් ඔවුන්ගේ කෘත්‍රිම බුද්ධි පද්ධතියට ලබා දෙන දුන් අතර, එම පද්ධතිය විසින් අදාළ පා සලකුණුවල තමන් හඳුනාගත් වැදගත් ලක්ෂණ රැසක් විශ්ලේෂණය කරමින්, එම සලකුණු එකිනෙකට කෙතරම් සමාන ද නැතිනම් වෙනස් ද යන්න තීරණය කරීමට සමත් ව තිබෙනවා.

පර්යේෂකයන් සොයාගත් පරිදි මෙම ලක්ෂණ අට මඟින් පා සලකුණුවල විවිධ හැඩයන් නිරූපණය වනවා. ඒ අතර ඇඟිලි විහිදී ඇති ආකාරය, පොළොව ස්පර්ශ වන ප්‍රමාණය සහ විලුඹේ පිහිටීම ආදී කරුණු ඇතුළත්.

පර්යේෂණ කණ්ඩායම එම පද්ධතිය DinoTracker නමින් නොමිලේ ලබාගත හැකි යෙදුමක් බවට පත් කර තිබෙනවා. එමඟින් පරිශීලකයින්ට පා සලකුණක සෙවණැල්ලක් (silhouette) උඩුගත කිරීමටත්, ඊට වඩාත් ම සමාන තවත් පා සලකුණු හතක් පරීක්ෂා කිරීමටත් අවස්ථාව ලැබෙනවා. එමෙන් ම, අදාළ ලක්ෂණ අට වෙනස් කිරීමෙන් අනෙකුත් පා සලකුණු සමඟ ඇති සමානතාව වෙනස් වන ආකාරය ද එහි දී දැකබලාගත හැකියි.

ආචාර්ය හාර්ට්මන් පවසන්නේ, වර්තමානයේදී විශේෂඥයන් විසින් පා සලකුණු තැබූ පසෙහි ස්වභාවය සහ එහි කාලය විද්‍යාත්මක උපකල්පනයන්ට ගැළපේ දැ යි නැවත පරීක්ෂා කළ යුතු වුව ද, මෙම පද්ධතිය මඟින් ලබා දෙන ප්‍රතිඵල මිනිස් විශේෂඥයන්ගේ වර්ගීකරණයන් සමඟ 90%ක පමණ අවස්ථාවල දී සැසඳෙන බවයි.

පූර්ව පර්යේෂණවල දී පුරාවිද්‍යාඥයන් නිරීක්ෂණය කළ කරුණක් මෙම AI පද්ධතිය මඟින් ද තහවුරු වී තිබෙනවා. එනම්, ත්‍රයෑසික සහ මුල් ජුරාසික යුගයට අයත් පා සලකුණු, පැරණිතම පක්ෂි ඇටසැකිල්ල ලෙස සැලකෙන ‘ආකියොප්ටෙරික්ස්’ (Archaeopteryx) පොසිලයට වඩා වසර මිලියන 60ක් පමණ පැරණි වුව ද, ඒවා කැපී පෙනෙන ලෙස පක්ෂි පා සලකුණුවලට සමානකමක් දක්වන බවයි.

මෙම සමානකම් හුදෙක් සිතුවිලි මාත්‍රයක් පමණක් නො වන බව මහාචාර්ය බෲසැට් පවසනවා. “ඇත්තටම මේවා පක්ෂීන්ගේ පා සලකුණු නම්, පක්ෂීන්ගේ සම්භවය අප සිතුවාට වඩා බෙහෙවින් පැරණි විය යුතුයි. එය වසර මිලියන කිහිපයක් නොව, වසර මිලියන දස දහස් ගණනක අතීතයකට දිව යන්නක්,” යැයි ඔහු සඳහන් කරනවා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/Ivn9Rls
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!