zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR

Most Read

Most Read

Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

වසර 430,000ක් පැරැණි දැවමය මෙවලම් දෙකක් ග්‍රීසියෙන් සොයාගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ග්‍රීසියේ විල් ඉවුරක තිබී හමු වූ දැවයෙන් තනන ලද මෙවලම් දෙකක් වසර 430,000 පැරැණි බව සොයාගෙන තිබෙනවා. එය මෙතෙක් වාර්තාගත පැරැණිතම දැවමය මෙවලමයි.

ඉන් එකක් අඩි දෙකහමාරක් පමණ වන ලී දණ්ඩක් වන අතර, පස් හෑරීම සඳහා යොදාගන්නට ඇති බව අනුමාන කෙරෙනවා. අනෙක සාපේක්ෂ ව ප්‍රමාණයෙන් කුඩා විලෝ හෝ පොප්ලර් දැවයෙන් තනා ඇති අතර පාෂාණමය මෙවලම් තැනීමේ දී ඒවා හැඩගැන්වීම සඳහා යොදාගන්නට ඇති බව විශ්වාස කෙරෙනවා. මේ සොයාගැනීම පිළිබඳ විස්තර පසුගිය දා Proceeding of the National Academy of Sciences ජර්නලයේ පළ වුණා.

අතීත මානවයා ගලින්, අටකටුවලින් සහ දැවවලින් බොහෝ මෙවලම් තනා ඇති බව සොයාගෙන ති⁣බුණත්, මේ අතරින් දැවමය මෙවලම් පිළිබඳ සාධක සොයාගැනීම අපහසු වී තිබුණා. දැව වඩා ඉක්මනින් දිරාපත් ව ගොස් තිබීම ඊට හේතුවයි. එවැනි මෙවලම් සුරැකී පවතින්නේ අයිස්, ගල්ගුහා සහ භූගත වැනි වූ පරිසරවල පමණයි.

ග්‍රීසියේ මෙගාලොපොලිස් ද්‍රෝණියෙන් සොයාගැනුණු මේ මෙවලම් අත්හැර දැමීමෙන් ඉතා කෙටි කාලයක් තුළ පස් සහ රොන්මඩවලට යට වීමෙන් ආරක්ෂා වන්නට ඇති බවට සැක කෙරෙනවා.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/hUTtGe7
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!