zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

විසි එක්වැනි සියවසේ පළමු කාර්තුව අද රෑ මැදියමෙන් නිමයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 

අද මධ්‍යම රාත්‍රියෙන් 2025 වසර අවසන් වීමත් සමඟ 21 වැනි සියවසේ පළමු කාර්තුවේ අවසානය ද සනිටුහන් වනවා.
එය සැබවින්ම ඓතිහාසික සන්ධිස්ථානයක්. 2001 ජනවාරි 01 දායින් ඇරඹි 21 වැනි සියවස, ගෙවී ගිය වසර 25ක කාලය තුළ ලෝකය පෙර නොවූ විරූ වෙනස්කම් රැසකට භාජනය කළා.

​මෙම පළමු කාර්තුව (2001-2025) අවසන් වීමත් සමඟ අපට ආපසු හැරී බැලීමට කරුණු කිහිපයක් තිබෙනවා.

​ගෙවී ගිය වසර 25 තුළ අන්තර්ජාලය සහ ස්මාර්ට් ජංගම දුරකථන ලෝකය ගෝලීය ගම්මානයක් බවට පත් කළා. සමාජ මාධ්‍ය, ඩිජිටල් ආර්ථිකය අපගේ දෛනික ජීවිතයේ අනිවාර්ය කොටසක් බවට පත් වූයේ මේ කාලය තුළයි. පළමු කාර්තුවේ අවසන් වසර කිහිපය තුළ වේගයෙන් දියුණට පත් කෘත්‍රිම බුද්ධිය මේ වන විට අපේ ඇතැඟිල්ලේ දුරින් පවතින අතිශය සාමාන්‍ය දෙයක් බවට පත් තිබෙනවා.

​එසේ ම ගත වූ කාර්තුව තුළ දේශගුණ විපර්යාස පිළිබඳ දැඩි අවධානයක් යොමු වූ අතර, කොවිඩ්-19 වැනි වසංගත තත්ත්වයන් හමුවේ මානව වර්ගයාගේ ඔරොත්තු දීමේ හැකියාව පරීක්ෂා කර බැලුණා. පොසිල ඉන්ධන දහනයේ සිට විකල්ප ලෙස පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වෙත වැඩි නැඹුරු වීමේ ප්‍රවණතාවක් ද දැකගත හැකි වුණා.

එපමණක් නොව තොරතුරු ගලායාම වේගවත් වීම නිසා මිනිසුන් අතර දැනුම බෙදාගැනීම පුළුල් වුණා. දුරස්ථ ව සිට රාජකාරියේ නැයැලීස සහ මාර්ගගත අධ්‍යාපනය වැනි නව සංකල්ප ලෝකය පුරා ව්‍යාප්ත වීම ද සිදුවුණා.

අද මධ්‍යම රාත්‍රියෙන් උදා වන 2026 වසරත් සමඟ අප පිවිසෙන්නේ 21 වැනි සියවසේ දෙවන කාර්තුවටයි. එම ඉදිරි වසර 25 තුළ කෘත්‍රිම බුද්ධිය දැඩි ලෙස අපත් සමඟ බද්ධ වනු ඇති බවට අනාවැකි පළ වී තිබෙනවා. සඳු සහ අඟහරු මත මිනිසුන් පදිංචි කිරීමේ සිහිනය බොහෝ විට මේ වසර 25 ක කාලය තුළ සිදුවීමට ඉඩ තිබෙනවා.

​ඒ අනුව අද මධ්‍යම රාත්‍රිය යනු හුදෙක් වසරක අවසානයක් නොව, යුගයක නිමාව සහ නව පරිච්ඡේදයක ආරම්භය ලෙස දුටුවාට වරදක් නැහැ.

සත්‍ය හෙට්ටිආරච්චි

 



from Vidusara Science Magazine https://ift.tt/szObhge
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!