zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඩෙන්මාකය තැපැල් සේවය අවසන් කරයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඩෙන්මාකය 401 තිස්සේ අඛණ්ඩ සේවයක් සැලසූ එරට රාජ්‍ය තැපැල් සේවයේ නිමාව සනිටුහන් කර තිබෙනවා.

ඒ අනුව භෞතික ලිපි තවදුරටත් අත්‍යවශ්‍ය නො වන බව හෝ ආර්ථික වශයෙන් ලාභදායී නොවන බව තීරණය කළ ලොව පළමු රට ඩෙන්මාකයයි.

​”පසුගිය වසර 20 තිස්සේ ඩෙන්මාර්කය තුළ ලිපි හුවමාරුවේ විශාල පහත වැටීමක් අප දුටුවා අපගේ සියලුම සන්නිවේදනයන්ගෙන් බහුතරයක් දැන් සිදුවන්නේ විද්‍යුත් ක්‍රමයටයි,” PostNord ආයතනයේ මාධ්‍ය ප්‍රධානී ඉසබෙලා බෙක් ජොර්ගන්සන් මාධ්‍යයට සඳහන් කළා. ​”අපි ලෝකයේ වඩාත් ම ඩිජිටල්කරණය වූ රටවල් අතරින් එකක්.”

​පසුගිය වසර 25 තුළ ඩෙන්මාර්කය තුළ සංසරණය වන ලිපි සංඛ්‍යාව 90% කින් පහත වැටී තිබුණා. 2000 වසරේ දී පෝස්ට්නෝර්ඩ් සමාගම ලියුම් බිලියන 1.5 කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැර ඇති අතර, පසුගිය වසරේ ඔවුන් බෙදා හැර ඇත්තේ ලිපි මිලියන 110 ක් පමණයි.

ලිපි යැවීම අඩු වීමත් සමඟ තැපැල් මුද්දර ගාස්තු ශීඝ්‍රයෙන් ඉහළ යාම ද සිදුවුණා. ඩෙන්මාර්කය තුළ සාමාන්‍ය ලියුමක් යැවීම සඳහා ඉකුත් දිනවල දී ක්‍රෝන් 29.11 ක (එනම් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 6.84 ක්) වැය වී වුණා.

තැපැල් සේවය නිම කිරීමට ගත් ​මෙම තීරණය “දුෂ්කර” නමුත් අත්‍යවශ්‍ය එකක් බව PostNord සමාගම විස්තර සඳහන් කරනවා. මේ හේතුවෙන් රැකියා 1,500 ක් පමණ කප්පාදු කෙරෙනු ඇති අතර, එය එම ආයතනයේ සමස්ත සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ වනවා.

මාර්ගගත වෙළෙඳපොළ ගනුදෙනු ශීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟ සෑම වසරක ම වර්ධනය වන, පාර්සල් බෙදා හැරීමේ සේවාව කෙරෙහි පමණක් සමාගම දැන් අවධානය යොමු කරනවා.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/4QLqM0s
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!