zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

රෝද පුටුවෙන් අභ්‍යවකාශයට ගිය මිකායෙලා

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මිකායෙලා බෙන්ට්හවුස් නමැති 33 හැවිරිදි ජර්මානු අභ්‍යවකාශ ඉංජිනේරුවරිය රෝද පුටුවක් භාවිත කරමින් සිටිය දී අභ්‍යවකාශයේ සීමාව ලෙස සැලකෙන කාර්මන් රේඛාව පසු කළ පළමු පුද්ගලයා බවට පත් වුණා.

ඇය මෙම වාර්තාව තැබුවේ Blue Origin New Shepard කැප්සියුලය භාවිත කරමින් දියත් කෙරුණු NS-37 මෙහෙයුම ඔස්සේයි. ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගම යටතේ සිදු වන උපකක්ෂීය අභ්‍යවකාශ සංචාරක වැඩසටහන යටතේ එය සිදු වුණා.

“මට සැමවිටම අභ්‍යවකාශයට යාමට අවශ්‍ය වූ නමුත්, එය මට සැබවින් ම කළ හැකි දෙයක් යැයි කිසිවිටෙකත් සිතුණෙ නෑ,” යනුවෙන් බෙන්ට්හවුස් පියාසර කිරීමට පෙර මාධ්‍යය වෙත පවසා තිබුණා.

ජීවිත කාලය පුරා ම වික්‍රමාන්විත කටයුතුවල නිරත වූ බෙන්ට්හවුස්, 2018 වසරේ සිදු වූ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ පාපැදි අනතුරකින් අනතුරට ලක් වූ අතර ඉන් සුෂුම්නාවට හානි සිදු වුණා. රෝද පුටුවක් ආධාරයෙන් ගමන් කරන අතරතුර තමාට ජයගත හැකි ඉංජිනේරු සහ පර්යේෂණ අභියෝග වෙත අවධානය යොමු කිරීමත් සමඟ, අභ්‍යවකාශ ගවේෂණය කෙරෙහි වූ ඇයගේ උනන්දුව තව තවත් වර්ධනය වූ බව ඇය පවසනවා.

ගුරුත්වාකර්ෂණය විසින් කැප්සියුලය නැවත පෘථිවිය දෙසට ඇද ගැනීමට පටන් ගන්නා විට ම, පියාසර පථයේ ඉහළ ම ස්ථානයේ දී මගීන්ට මිනිත්තු කිහිපයක ශුන්‍ය ගුරුත්ව අත්දැකීමක් ලබා දෙන පරිදි New Shepard යානය නිර්මාණය කර තිබෙනවා.

ක්ෂුද්‍ර ගුරුත්වය විඳගැනීමට සහ ජනේලයෙන් පිටත බලා පෘථිවියේ අද්විතීය දසුන දැකගැනීම සඳහා ආසනයෙන් ඉවත් වන විට, තම පාද චලනය නොවී බැඳ තබා ගැනීම සඳහා විශේෂ පටියක් භාවිතා කිරීමට බෙන්ට්හවුස්ට සිදු වුණා.

තමා හා සමාන තත්ත්වයක පසුවන අනාගත අභ්‍යවකාශ මගීන්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා, මෙම ගමනෙන් තමා ලබන අත්දැකීම් ප්‍රයෝජනයට ගැනීමට ද අභ්‍යවකාශ ඉංජිනේරුවරියක ලෙස බෙන්ට්හවුස් අදහස් කරගෙන සිටිනවා.

නිම්නා අමරසේකර



from Vidusara Science Magazine https://ift.tt/maircVT
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!