ධූමකේතුවක් බවට විශ්වාස කෙරෙන 3I/ATLAS අන්තර්තාරීය අභ්‍යවකාශ වස්තුව අද (19) පෘථිවියට සමීපස්ථ ම ලක්ෂ්‍යයට ළඟා වීමට නියමිතයි. ඒ අනුව ගණනය කිරීම් වාර්තා කරන පරිදි අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 11.30 පමණ වන විට 3I/ATLAS පෘථිවියේ සිට නක්ෂත්‍ර ඒකක 1.8ක්, එනම් කිලෝමීටර මිලියන 270ක් දුරින් පිහිටනු ඇති. ආසන්නතම ලක්ෂ්‍යය මෙය වුවත්, මෙම දුර ප්‍රමාණය ආසන්න විශයෙන් පෘථිවිය සහ සූර්යයා අතර ඇති දුර මෙන් දෙගුණයක්.
ඉකුත් ජුලි මාසයේ Asteroid Terrestrial-impact Last Alert System හෙවත් ATLAS ආවේක්ෂණ පද්ධතිය විසින් ප්‍රථම වතාවට හඳුනාගැනුණු මේ වස්තුව එය පැමිණි අධික වේගය සහ ගමන් මාර්ගයේ වන පරාවලයික ස්වභාවය හේතුවෙන් එය 1I/’Oumuamua (2017) සහ 2I/Borisov (2019) යන වස්තූන්වලට පසු සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වූ බවට හඳුනාගත් තුන් වැනි අන්තර්තාරීය වස්තුව ලෙස නම් කිරීමත් සමඟ ලෝකයේ ම අවධානය දිනාගැනීමට සමත් වුණා.
සත්‍ය හෙට්ටිආරච්චි
from Vidusara Science Magazine https://ift.tt/rpwRYyj
via Magazine






Post a Comment