zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

දෙසැම්බර් 21 උතුරු අර්ධගෝලයට උදා වූ කෙටි ම දිනයයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මේ වසර තුළ උතුරු අර්ධගෝලයට උදා වූ කෙටි ම දිනය ඉකුත් 21 වැනි දා බව විද්‍යාඥයන් සඳහන් කරනවා. එසේ ම එදින රාත්‍රිය උතුරු අර්ධගෝලයේ රටවලට උදා වූ වසරේ දීර්ඝතම රාත්‍රිය බවට පත් වනවා. මේ අතර, දක්ෂිණ අර්ධගෝලයේ වෙසෙන ජනයා 21 දා වසරේ දීර්ඝතම දිනය අත්විඳිමින් තම ගිම්හාන සූර්ය නිවෘත්තිය අත්දුටුවා.

ශීත සෘතුවේ තාරකා විද්‍යාත්මක ආරම්භය සනිටුහන් කරමින්, පෘථිවියේ සිට බලන කල සූර්යයා අහසේ පහළ ම ස්ථානයට පැමිණීම සිදු වූයේ එදිනයි.

මධ්‍යහ්නයේ දී, සූර්යයා දකුණු අක්ෂාංශ 23.5 ක් වූ මකර නිවර්තනයට සිරස් ව පිහිටනවා. මෙහි දී උතුරු අර්ධගෝලය සූර්යයාගෙන් උපරිම දුරකට ඇල වී පිහිටන බැවින්, එම අර්ධගෝලයට වසරේ කෙටිම දිනය (අඩුම දිවා කාලය) උදා වීම සිදු වනවා.

සූර්යයා ක්ෂිතිජයට පහළින් ගමන් කරන විට, එහි කිරණ පෘථිවියට පතිත වන්නේ ඉතා කුඩා කෝණයකින්. මේ හේතුවෙන් සූර්යාලෝකය විශාල ප්‍රදේශයක් පුරා විසිරී යන අතර තාපය ජනනය වීම අඩු වනවා. වසරේ සීතල ම මාස ඇති වීමට බලපාන්නේ පෘථිවිය සහ සූර්යයා අතර පවතින දුර ප්‍රමාණය නොව, සූර්ය කිරණ මෙලෙස පතිත වන කෝණයයි. කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ සිට ඉදිරියට, වසන්ත කාලය දෙසට සෙමෙන් ගමන් කරද්දී දිවා කාලය ක්‍රමයෙන් වැඩි වීමට පටන් ගන්නවා.

පෘථිවියේ සෘතු විපර්යාස ඇති වන්නේ අපගේ ග්‍රහලෝකය එහි අක්ෂය වටා අංශක 23.5 ක ඇලවීමකින් යුක්තව පිහිටා ඇති බැවිනුයි. පෘථිවිය සූර්යයා වටා කක්ෂගත ව ගමන් කරන විට, විවිධ අර්ධගෝලයන් සූර්යයා දෙසට හෝ සූර්යයාගෙන් ඉවතට නැඹුරු වනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සූර්යාලෝකයේ තීව්‍රතාවය සහ පවතින කාලය (එනම් දිවා කාලය) වෙනස් වනවා. උතුරු අර්ධගෝලය සූර්යයා දෙසට නැඹුරු වූ විට ගිම්හාන සෘතුව උදා වන අතර, දැන් පවතින ආකාරයට එය සූර්යයාගෙන් ඉවතට නැඹුරු වූ විට උතුරු අර්ධගෝලයට ශීත සෘතුව උදා වනවා.

බොහෝ දෙනා ශීත සෘතුව ඇති වන්නේ පෘථිවිය සූර්යයාගෙන් ඈතට ගමන් කරන නිසා යැයි සිතුවද, සැබවින්ම සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. පෘථිවිය සූර්යයාට සමීපතම ලක්ෂ්‍යය වන සූර්ය සමීපකයට ළඟා වන්නේ ලබන වසරේ ජනවාරි මස 03 වන දින මුල් භාගයේ දීයි. එම අවස්ථාවේ දී අපගේ පෘථිවිය සූර්යයාගේ සිට කිලෝමීටර් මිලියන 147.1 ක් පමණ දුරකින් පිහිටනවා. මෙය පෘථිවිය සහ සූර්යයා අතර පවතින සාමාන්‍ය දුර වන කිලෝමීටර් මිලියන 149.6 ට වඩා තරමක් සූර්යයාට ආසන්න පිහිටීමක්.

නිම්නා අමරසේකර



from Vidusara Science Magazine https://ift.tt/UCDxRek
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!