zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Abell 1021 තරු පොකුර මධ්‍යයේ ඇති කළු කුහරය සිතා සිටියාට වඩා විශාල බව සොයාගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 2.7ක් ඈතින් පිහිටා තිබෙන Abell 1201 නම් දරන සුවිසල් තරු පොකුර මධ්‍යයේ ඇති මන්දාකිණියක් මෙතෙක් කලකට මිනිසා නිරීක්ෂණය කරන ලද විශාලතම කළු කුහරයකට උරුමකම් කියනවා. නවතම නිරීක්ෂණයක ප්‍රතිඵලයක් විශයෙන් දැන් විද්‍යාඥයන් පවසන්නේ එය මෙතෙක් කල් සිතා සිටියාටත් වඩා විශාල බවයි.
එහි ස්කන්ධය පෙර සිතා සිටියාට වඩා සූර්ය ස්කන්ධ (solar masses) බිලියන 7කින් පමණ වැඩි බව සොයාගෙන තිබෙන්නේ එම මන්දාකිණියෙන් නික්මෙන ආලෝකයේ වක්‍රවීම සැලකිල්ලට ගැනීමෙන්. ඒ අනුව මේ කළු කුහරයේ නවතම ස්කන්ධය ලෙස සඳහන් වන්නේ සූර්ය ස්කන්ධ බිලියන 32.7ක්.

“අපේ සූර්යයාගේ ස්කන්ධය මෙන් දළ වශයෙන් තිස් ගුණයක ස්කන්ධයකට උරුමකම් කියන මේ කළු කුහරය මේ වන තෙක් සොයාගත් විශාලතම කළු කුහර අතරින් එකක්. ඒක සෛද්ධාන්තික වශයෙන් කළු කුහර කෙතරම් විශාලත්වයකට වැඩෙන්න පුළුවනි ද කියන එකට උදාහරණ සපයනවා. එ් නිසා ම මේක උද්‍යෝගය වඩවන සොයාගැනීමක්.” එසේ පවසන්නේ එක්සත් රාජධානියේ ඩර්හැම් සරසවියේ භෞතික විද්‍යාඥ ජේම්ස් නයිටින්ගේල්.
අපරිමාණ විශ්වය තුළ කළු කුහර විශාල සංඛ්‍යාවක් තිබුණත් ඒවා නිරීක්ෂණය කිරීම පහසු කටයුත්තක් නොවෙයි. කළු කුහරයක අධික ගුරුත්වයට හසු වන දෑ ඊට උරාගනු ලැබීමට මත්තෙන් අධික උෂ්ණත්වයකට ලක් වන නිසා දීප්තිමත් ආලෝකයක් නිකුත් කරනවා. එය සිදුවන්නේ ‘සිදුවීම් සිතිජය’ (event horizon) ආශ්‍රිතවයි. කළු කුහරයක් නිරීක්ෂණය වන්නේ මෙසේ ආලෝකයක් නිකුත් කෙරෙන විට දීයි. කළු කුහරයකට ස්වකීය ආලෝකයක් නොමැති නිසා එය නිරීක්ෂණය කළ හැකි වන්නේ අඳුරේ සැඟව ඇති එය වටා ඇති අනෙකුත් වස්තූන් කෙරෙහි ඇති කරන බලපෑම ගැන විමසිලිමත් වීමෙන්.

මෙය සිදු කෙරෙන ක්‍රමවේදයක් ලෙස ගුරුත්ව වක්‍රතාව ගැන ඇස ගසාගෙන සිටීම හඳුන්වා දිය හැකියි. එය සිදුවන්නේ අධික ගුරුත්වයක් ඇති යමක් වටා යන විට කාලාවකාශයේ සිදුවන නැම්මයි. මේ නිසා එට අඩංගු වන මන්දාකිණියේ ආලෝක කිරණ වෙනස් වී පෙනුම විකෘති වනවා. Abell 1201 තරු පොකුරේ ඇති BCG මන්දාකිණිය මෙවැනි ආලෝක විකෘතියකට ලක් වූ එකක්. මේ බව මුලින් ම නිරීක්ෂණය වූයේ 2003 වසරේ දී යි. 2017 දී එහි මධ්‍යයට වන්නට තවත් වර්තනයක් නිරීක්ෂණය කරන්නට විද්‍යෘඥයන් සමත් වුණා. එහි මධ්‍යයේ ඇති කළු කුහරය විසල් ඝනත්වයකින් යුතු එකක් විය යුතු බවට එවක සිට ම නිර්ණය වී තිබුණා.

Abell 1021 BCG මධ්‍යයේ පිහිටන මෙකී කළු කුහරය මෙතෙක් සොයාගෙන ඇති කළු කුහර අතුරින් දැවැන්තයින් දස දෙනා අතරට එක් ව තිබෙනවා. එහි ‘සිදුවීම් සිතිජයේ’ (event horizon) පමණක් විශ්කම්භය නක්ෂත්‍ර ඒකක 1,290ක් පමණ වෙතැයි අපේක්ෂා කෙරෙනවා. හිරු‍ගේ සිට ප්ලූටෝ දක්වා ද ඇත්තේ නක්ෂත්‍ර ඒකක 40ක් පමණයි. ඒ අනුව ඔබට මේ අති දැවැන්ත කළු කුහරයේ විශාලත්වය ගැන දළ අදහසක් ලබාගත හැකියි.

 



from Vidusara Science Magazine https://ift.tt/IdLAci1
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!