zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අඩි 60,000ක් ඉහළ සිට ඛනිජ දඩයමේ යන NASA

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

බටහිර ඇමරිකානු කලාපයේ අත්‍යවශ්‍ය ඛනිජ සම්පත් සෙවීමේ කටයුතු සඳහා සහාය වීමට NASA ආයතනය විසින් නව අධි-තාක්ෂණික සංවේදකයක් හඳුන්වාදෙනු ලැබ තිබෙනවා.

AVIRIS-5 (Airborne Visible/Infrared Imaging Spectrometer-5) ලෙස හැඳින්වෙන මෙම සංවේදකය, 1970 දශකයේ NASAහි ජෙට් ප්‍රචාලන විද්‍යාගාරය (JPL) මගින් දියුණු කරන ලද තාක්ෂණයකින් නිර්මාණය වී තිබෙනවා. මයික්‍රෝවේව් උදුනක ප්‍රමාණයෙන් යුත් මෙම AVIRIS-5 සංවේදකය, NASA ආයතනය සතු ER-2 වර්ගයේ ඉහළ අහසේ පියාසර කරන පර්යේෂණ ගුවන් යානයක ඉදිරිපස නාසය වැනි කොටසේ සවි කෙරෙනවා. මෙම සංවේදකයේ ප්‍රථම මාදිලිය 1986 වසරේ දී භාවිතයට ගැනුණු අතර, එතැන් සිට එය වැඩිදියුණු කිරීමට ජෙට් ප්‍රචාලන විද්‍යාගාරය කටයුතු කර තිබෙනවා.

AVIRIS-5 යනු NASA සහ එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) එක් ව ක්‍රියාත්මක කරන GEMx නම් ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස එන නවතම මෙවලමක්. පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සහ හමුදා තාක්ෂණය නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන අතිශය වැදගත් ඛනිජ පෘථිවි පෘෂ්ඨය මත පවතින ස්ථාන හඳුනාගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙනවා.

ඛනිජ වර්ණාවලීක්ෂ පරීක්ෂණ (mineral spectroscopy) සඳහා කාන්තාර වඩාත් සුදුසු වීමට එක් හේතුවක් වන්නේ එහි ගස්වැල් ඉතා අඩුවෙන් වැඩීමයි. 2023 වසරේ සිට මේ දක්වා, මෙම ඒකාබද්ධ කණ්ඩායම ඇමරිකානු බටහිර ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 950,000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ආවරණය කර තිබෙනවා.

GEMx ව්‍යාපෘතිය මඟින් සොයා ගැනීමට උත්සාහ කරන බොහෝ ඛනිජවලට විවිධ ආලෝක තරංග ආයාමයන් පරාවර්තනය කළ හැකි රසායනික ව්‍යුහයන් පවතිනවා. මෙම පරාවර්තනය වන ආලෝකය හඳුනා ගැනීම මඟින්, අදාළ අත්‍යවශ්‍ය ඛනිජවලට ම ආවේණික වූ “වර්ණාවලි ඇඟිලි සලකුණු” අනාවරණය කර ගැනීමට AVIRIS-5 සංවේදකය සමත් වනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) විසින් “අත්‍යවශ්‍ය ඛනිජ” (critical minerals) ලෙස අර්ථ දක්වනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයට හෝ ජාතික ආරක්ෂාවට සැලකිය යුතු බලපෑමක් ඇති කරන ඛනිජ වර්ගයි. ඇලුමිනියම්, ලිතියම්, සින්ක්, මිනිරන්, ටංස්ටන් සහ ටයිටේනියම් මෙයට ඇතුළත් වනවා. අර්ධ සන්නායක, සූර්ය විදුලි පද්ධති හෝ විද්‍යුත් වාහන බැටරි වැනි තීරණාත්මක තාක්ෂණයන් සඳහා වන නිෂ්පාදන සැපයුම් දාමයන්හි දී මෙම ඛනිජ භාවිත කෙරෙනවා.

2025 මාර්තු මාසයේ දී, ට්‍රම්ප් පාලනය යටතේ ධවල මන්දිරය විසින් මෙම ඛනිජ නිෂ්පාදනය හැකි උපරිම මට්ටමින් ඉහළ නැංවීම සඳහා විධායක නියෝගයක් නිකුත් කරනු ලැබුණා. එහි සඳහන් වූයේ ඇමරිකානු ජාතික සහ ආර්ථික ආරක්ෂාව මේ වන විට සතුරු විදේශීය බලවතුන්ගේ ඛනිජ නිෂ්පාදනය මත යැපීම හේතුවෙන් දැඩි තර්ජනයකට ලක් ව ඇති බවයි.

අත්‍යවශ්‍ය ඛනිජ සෙවීමට අමතර ව, වසර ගණනාවක් පුරා JPL විසින් නිර්මාණය කරන ලද AVIRIS-5 ට සමාන සංවේදක, අඟහරු, බුධ සහ ප්ලූටෝ වැනි අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක පිළිබඳව වැඩිදුර අවබෝධයක් ලබා ගැනීමට NASA අභ්‍යවකාශ යානාවල ද යොදාගෙන තිබෙනවා.

“ජීවය පවත්වා ගැනීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය සෙවීම සඳහා එක් වර්ණාවලීක්ෂයක් මේ වන විට බ්‍රහස්පතිගේ සාගර සහිත චන්ද්‍රයෙකු වන යුරෝපා බලා ගමන් කරමින් පවතී,” යනුවෙන් JPL සඳහන් කරනවා.

JPL හි පෘථිවි පද්ධති විද්‍යාඥවරියක වන ඩේනා චැඩ්වික් සඳහන් කරන්නේ කාන්තාරවල ඛනිජ සෙවීමට අමතර ව මෙම නව සංවේදකයෙන් බොහෝ ප්‍රයෝජන ගත හැකි බවයි.

“භූමි කළමනාකරණයේ සිට හිම තට්ටුවල ජල සම්පත් මැනීම සහ ලැව්ගිනි අවදානම දක්වා වූ විවිධ ගැටලු රාශියක් සඳහා මෙම තාක්ෂණය යොදා ගැනීමට හැකි වීම ඇත්තෙන්ම උද්‍යෝගය දනවන කරුණක්,” යැ යි චැඩ්වික් ප්‍රකාශ කරනවා. “අත්‍යවශ්‍ය ඛනිජ සෙවීම යනු AVIRIS-5 හි ආරම්භය පමණයි.”

අමරසිංහ සේනානායක



from Vidusara Science Magazine https://ift.tt/CPSvaNn
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!