Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.
NASA ආයතනය විසින් නත්තල් දිනය අලළා ‘නත්තල් ගස’ යනුවෙන් ද හැඳින්වෙන NGC 2264 තරු පොකුරේ ඡායාරූපයක් නිකුත් කර තිබෙනවා.
විද්‍යාඥයන් නත්තල් ගසක වර්ණය ඉස්මතු කිරීම සඳහා මෙම ඡායාරූපයේ දැක්වෙන තරු පොකුරේ කොළ පැහැය හුවා දක්වා තිබෙනවා. කෙසේ නමුත් සැබෑ අධෝරක්ත දත්තවලට අනුව මෙය දිස්වනුයේ නිල් සහ සුදු පැහැයෙන්.
යෞවන වියේ පසුවන තාරාකාවන්ගෙන් සමන්විත පොකුරක් වන NGC 2264 පෘථිවියෙන් ආලෝක වර්ෂ 2,500ක් පමණ ඈතින් පිහිටා තිබෙනවා. එහි අපේ සූර්යයාට වඩා කුඩා මෙන් ම විශාල තාරකා ඇති අතර, සූර්ය ස්කන්ධ 7ත්, 10ත් අතර පිහිටන තරු ද එහි වනවා.
එහි ඇති තාරකා වසර මිලියනයත්, මිලියන පහත් අතර, එනම්, සාපේක්ෂ ව තරුණ වයසේ පසුවන බැවින්, ඒවා ඉහළ දීප්තිමත් බවකින් යුතු වනවා.
සෞන්දර්ය සෙනරත්
from Vidusara Science Magazine https://ift.tt/jtVpoig
via Magazine
Join our Whatsapp Group
To get latest updates and superior service ✅





Post a Comment