zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

2025 නොබෙල් ත්‍යාගය – භෞතික විද්‍යා

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

2025 භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය, ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යා ක්ෂේත්‍රයේ සිදු කළ සුවිශේෂ සොයාගැනීම් වෙනුවෙන් බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ ඇමරිකානු ජාතික විද්‍යාඥයින් තිදෙනෙකුට පිරිනමා තිබෙනවා.

ඒ අනුව “විද්‍යුත් පරිපථයක සාර්ව ක්වොන්ටම් යාන්ත්‍රික උමංකරණය සහ ශක්ති ප්‍රමාණකරණය සොයාගැනීම වෙනුවෙන්” (macroscopic quantum mechanical tunnelling and energy quantization) ජෝන් ක්ලාක් (John Clarke), මිෂෙල් ඩෙවොරෙට් (Michel Devoret) සහ ජෝන් මාටිනිස් (John Martinis) හට මෙම ත්‍යාගය හිමි වන බව නොබෙල් කමිටුව අද පස්වරුවේ ස්වීඩනයේ ස්ටොක්හෝම්හි පැවති ස්ටොක්හෝම්හි පැවති නොබෙල් ත්‍යාග නිවේදන උත්සවයේ දී නිවේදනය කළා.

“ක්වොන්ටම් ලෝකයේ විකාරරූපී ගුණාංග, අතින් අල්ලා ගත හැකි තරම් විශාල පද්ධතියකට කැටිකළ හැකි බවට” පෙන්නුම් කිරීම වෙනුවෙන් නොබෙල් කමිටුව මෙම සම්මානලාභීන් අගැයීම සිදු කළා.

ඒ අනුව ත්‍යාගයට හිමි ස්වීඩන් ක්‍රොනර් මිලියන 11ක මුදල ඔවුන් තිදෙනා අතර සම සේ බෙදී යනු ඇති.

ගිය වසරේ දී, මෙම ත්‍යාගය, “AI හි ගෝඩ්ෆාදර්” ලෙස හැඳන්වෙන ජෙෆ්රි හින්ටන් හට සහ ජෝන් හොප්ෆීල්ඩ් හට, පිරිනැමුණා. ඒ අද භාවිත වන කෘත්‍රිම බුද්ධියේ අභිවෘද්ධියට මඟ පෑදූ යන්ත්‍ර ඉගෙනුම පිළිබඳ කළ මූලික සොයාගැනීම් වෙනුවෙන්.



from Vidusara Science Magazine https://ift.tt/87JnGAH
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!