zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

2025 නොබෙල් ත්‍යාගය – කායික හෝ වෛද්‍ය විද්‍යා

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ශරීරයට ඇතුළු වීමට උත්සාහ කරන දහස් ගණන් ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපව ආරක්ෂා කරන්නේ කෙසේ ද යන්න සොයා ගැනීම වෙනුවෙන් විද්‍යාඥයින් තිදෙනෙකුට 2025 කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනමා තිබෙනවා.

මේරි ඊ. බ්‍රන්කෝ (Mary E. Brunkow), ෆ්‍රෙඩ් රැම්ස්ඩෙල් (Fred Ramsdell), සහ ෂිමොන් සකාගුචි (Shimon Sakaguchi) හට “පර්යන්ත ප්‍රතිශක්තිකරණ ඉවසීම (peripheral immune tolerance) සම්බන්ධ ඔවුන්ගේ මූලික සොයාගැනීම් වෙනුවෙන්” මෙම ත්‍යාගය හිමි වන බව නොබෙල් කමිටුව අද ස්ටොක්හෝම්හි පැවති නොබෙල් ත්‍යාග නිවේදන උත්සවයේ දී නිවේදනය කළා.

මෙම සම්මානලාභීන් විසින් නියාමක ටී සෛල (regulatory T cells) හඳුනා ගත් අතර, ඒවා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආරක්ෂක භටයන් මෙන් ක්‍රියා කරමින් ප්‍රතිශක්තිකරණ සෛල අපගේ ම ශරීරයට පහර දීම වළක්වන බව ද හඳුනාගැනීමට සමත් වුණා.

නොබෙල් කමිටුවේ සභාපති ඔලේ කෑම්පේ (Olle Kämpe) මහතා සඳහන් කරන්නේ, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියා කරන ආකාරය සහ අප සැමට එක ලෙස බරපතළ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග වර්ධනය නො වන්නේ මන්ද යන්න පිළිබඳ අප සතු අවබෝධයේ නිම් වළලු පුළුල් කිරීම සඳහා ඔවුන්ගේ සොයාගැනීම් තීරණාත්මක ලෙස බලපා ඇති බවයි.

ඒ අනුව ත්‍යාගයට හිමි ස්වීඩන් ක්‍රොනර් මිලියන 11ක මුදල ඔවුන් තිදෙනා අතර සමසේ බෙදී යනු ඇති.



from Vidusara Science Magazine https://ift.tt/juGWY7z
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!