zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඇමරිකාවේ මිලිටරිමය ‘අභ්‍යවකාශ ගුවන් යානය’ නැවතත් උඩුගුවනට

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඊයේ දිනයේ ඇමරිකාව සතු ‘අභ්‍යවකාශ ගුවන් යානය’ ලෙසින් ද හැඳින්වෙන X-37B යානය සිය අට වැනි පියාසැරිය සිදු කරමින් ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට උඩුගුවන්ගත වුණා. මේ සඳහා SpaceX Falcon 9 රොකට්ටුවක් උපයෝගී කරගැනුණා. මෙම මෙහෙයුම නම් කර ඇත්තේ USSF-36 ලෙසයි.

NASA ආයතනය සතු විශ්‍රාම යැවුණු අභ්‍යවකාශ ශටලයකට සමානකම් දක්වන X-37B යානය අඩි 29ක දිගින් යුතු වන අතර, සැබෑවට ම අභ්‍යවකාශ ශටලයක් හා සසඳන කල දිස් වන්නේ කුඩාවටයි. ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් හමුදාව වෙනුවෙන් මෙය තනා ඇත්තේ Boeing සමාගමයි.

X-37B යානයේ මෙහෙයුම් පිළිබඳ තොරතුරු මින් පෙර රහසක් ලෙස තබාගැනුණත්, මෙවර යම් පාරදෘශ්‍යතාවයකින් යුතු ව වැඩි තොරතුරු ප්‍රමාණයක් මහජනතාවට නිරාවරණය කිරීමට ඇමරිකානු හමුදාව පියවර ගෙන තිබුණා. ඒ මෙවර මෙහෙයුමෙන් සිදු කෙරන පරීක්ෂණ දෙකක් අවධාරණයට නංවමින්. එනම් වැඩිදියුණු කරන ලද ලේසර් සන්නිවේදනය සහ ක්වොන්ටම් යාත්‍රණයයි. මෙම තාක්ෂණය කෙදිනක හෝ ගෝලීය පිහිටුම්කරණ පද්ධතියට (GPS) වඩා හොඳ ආදේශකයක් වනු ඇති බව විශේෂඥ මතයයි.

X-37B යානය භාවිතයට ගැනෙන්නේ 2010 වසරේ සිටයි. මේ වන විට එම මාදිලියේ යානා දෙකක් ඇමරිකානු ගුවන් හමුදාව සතුයි. මේවා දීර්ඝ අභ්‍යවකාශ පියාසැරිවල නිරත වනවා. එක් යානයක් දින 908ක දීර්ඝ කාලයක් කක්ෂයේ සිටීමෙන් අනතුරු ව 2022 වසරේ පොළොවට පැමිණි අතර, අනෙක දින 434ක පියාසැරියක් නිමා කරමින් මේ වසර මුල දී ගොඩබසිනු ලැබුණා.

නිම්නා අමරසේකර



from Vidusara Science Magazine https://ift.tt/098d3pr
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!