zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

‘සූර්ය පටලයෙන්’ බලගැන්වෙන සිසිලන ඇඳුමක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ජපානයේ ඔසාකාහි ගිම්හාන ඍතුවේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 100 ආසන්න වන විට, Expo 2025 හි කාර්ය මණ්ඩලය උණුසුම හමුවේ සිසිලස ලබා ගැනීමට සූර්ය බලයෙන් බල ගැන්වෙන උපයෝගිතා ඇඳුම් භාවිතා කරනවා.

Toyota සමූහයට අයත් Toyota Gosei සමාගම සූර්ය කෝෂ නිපදවන නැඟී එන සමාගමක් වන Enecoat Technologies සහ රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන Seiren සමඟ එක් ව මේ කබාය නිර්මාණය කර තිබෙනවා. මේ කබා මත ග්‍රෑම් හතරකටත් වඩා අඩු බරින් යුතු, අතිශය සිහින් සූර්ය පැනල සවි කර ඇති අතර ඒවායින් ගෙල ආසන්නයේ සවිකර ඇති විදුලි පංකාවලට බලය සැපයෙනවා. පවතින දැඩි උෂ්ණත්වය හමුවේ අපහසුතාවකින් තොර ව සිටීමේ හැකියාව එමඟින් ලැබෙනවා.

මෙම සූර්ය “පටල” වර්තමානයේ සූර්ය බලශක්ති වෙළඳපොළෙන් 98%ක් හිමිකර ගෙන ඇති වහලවල් හෝ සූර්ය ගොවිපලවල් මත ස්ථාපනය කර ඇති සිලිකන් පැනල මෙන් නොවෙයි. මෙය පෙරොව්ස්කයිට් හෙවත් එක සමාන ලක්ෂණයන් ඇති ව්‍යුහයක් බෙදා ගන්නා ස්ඵටික පවුලකින් සාදා තිබෙනවා.

පෙරොව්ස්කයිට් සූර්ය සෛල සැහැල්ලු වනවා පමණක් නොව, අඩු නිෂ්පාදන වියදමකින් සහ දෘශ්‍යමය හා ආසන්න-අධෝරක්ත ආලෝකය ඇතුළු පුළුල් ආලෝක පරාසයක් අවශෝෂණය කරගැනීමේ හැකියාවෙන් ද යුක්තයි. ඒවා “සෙවනැල්ල යට, වැසි සහ වලාකුළු සහිත කාලගුණය යට” පවා ආරෝපණය කළ හැකි බව මේ ඇඳුමේ සාර්ථකත්වය පිටුපස සිටින ටොයෝඩා ගෝසෙයි කණ්ඩායමේ අධ්‍යක්ෂ ෂිනිචිරෝ ෆුකි පවසනවා.

නිම්නා අමරසේකර



from Vidusara Science Magazine https://ift.tt/wLC1btP
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!