zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

A400M අලුත් වෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

Airbus සමාගම සිය A400M ගුවන් යානා මාදිලිය මිලිටරි ක්ෂේත්‍රයේ වැඩියෙන් ම විවිධාංගීකරණයට ලක් වූ යානය බවට පත් කරමින් සිටිනවා. උපායමාර්ගික ප්‍රවාහන ගුවන් යානයක් ලෙස නිෂ්පාදනය වූ A400M යානා මේ වන විට මීළඟ පරම්පරාවේ යුද සංග්‍රාම සඳහා උචිත වන අයුරින් දුරස්ථ පාලන ගිනි නිවීම සහ ඩ්‍රෝන යානා හැසිරිවීම වැනි විවිධ කාර්යයන් සඳහා විශේෂ වන අයුරින් ප්‍රතිසංස්කරණයට ලක් වනවා.

Airbus සඳහන් කරන්නේ රළු භාවිතය සඳහා සුදුසු, කාර්ය සාධනය අතින් ඉහළ හමුදා ගුවන් යානයක් ලෙස ප්‍රකට A400M, අනාගත යුදපිටිය විසින් ඉල්ලා සිටිනු ලබන අවශ්‍යතාවන් ඉටුකර දීම සඳහා හැඩගැසෙමින් පවතින බවයි. ඉහළ හැකියාවන්ගෙන් යුතු බහුකාර්ය ගුවන් යානයක් ලෙස, එය වර්ථමානයේ මෙන් ම අනාගතයේ දී වඩාත් අභියෝගාත්මක අවස්ථාවන්හි දී ඵලදායී ලෙස ක්‍රියාත්මක විය යුතුයි,” Airbus සමාගම පුවත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

නවීන යුදමය තත්ත්වයන්හි දී පෙරට වඩා වේගවත් මෙන් ම ආරක්ෂිත සන්නිවේදනයන්ගේ අවශ්‍යතාව දැනෙනවා. Airbus සමාගම සිය A400M ගුවන්යානය පියාසර කරන සන්නිවේදන මධ්‍යස්ථානයක් ලෙස සේවයේ යෙදීමට සූදානම් කරමින් සිටින්නේ ඒ අනුවයි. එය දැනට ගුප්ත කේතන රේඩියෝ පද්ධතිවලින් සමන්විත වන නමුත්, මේවා සීමිත දත්ත ධාරිතාවක් භාවිත කරනවා. නව හැඩගැන්වීමත් සමඟ මේ තත්ත්වය වෙනස් වනු ඇති.

එයාර්බස් සමාගම ඕනෑ ම ස්ථානයක සිට සුවිසල් දත්ත හුවමාරුවකට ඉඩ සලසන චන්ද්‍රිකා සම්බන්ධතා A400M වෙත එක් කිරීමට සැලසුම් කරමින් සිටිනවා. චන්ද්‍රිකා සම්බන්ධතා ලබා ගත නො හැකි විට සෘජු රේඛීය-දෘෂ්ටි සන්නිවේදනයට සහාය වන පද්ධතියක් ද මෙයට ඇතුළත් වනවා.

Interesting Engineering ඇසුරෙනි

නිම්නා අමරසේකර



from Vidusara Science Magazine https://ift.tt/ITAFYBa
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!