zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

යළි වාර්තාවන කෝවිඩ් තත්ත්වයට මුහුණදෙන්නේ කෙසේ ද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

LF.7 සහ XFG යනුවෙන් හැඳින්වෙන ඔමික්‍රෝන් ප්‍රභේදයට අයත් කෝවිඩ් වයිරසයේ උප ප්‍රභේද දෙක ශ්‍රී ලංකාවෙන් වාර්තා වීම පිළිබඳ මහජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැතැ යි මෙරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (Medical Research Institute – MRI) වයිරස විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සඳහන් කරන්නේ වයිරසයෙන් නව උප ප්‍රභේද හටගැනීම වයිරස පරිණාමය අතින් සාමාන්‍ය සංසිද්ධියක් බවයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙරට සෞඛ්‍ය බලධාරීන් ගෝලීය සහ මෙරට තුළ වයිරස ප්‍රභේදයේ හැසිරීම සමීප ව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ ගර්භනී මව්වරුන්, වියපත් පුද්ගලයන් සහ නිදන්ගත රෝගවලින් පීඩා විඳින අය වැනි විශේෂ අවධානයක් ලබා දිය යුතු පුදගලයන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි. පූර්ව ආරක්ෂණ මුව ආවරණ පැළඳීම සුදුසු බව ද සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරනවා.

ගාල්ල ජාතික රෝහලේ දී මියගිය මාස එකහමාරක් වයසැකි බිලිඳෙකු කෝවිඩ් 19 ආසාදනය වී සිට ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. කෙසේ නමුත් බිලිඳාගේ මරණයට හේතු වූ වයිරස ප්‍රභේදය මේ වන විට ආසියාවේ පැතිරෙමින් පවතින උප ප්‍රභේදය බවට හඳුනාගෙන නැතැයි වෛද්‍ය ජයමහ සඳහන් කළා.

මේ වන විට ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. ඊයේ දිනය (1) වන විට එරට හඳුනාගැනුණු කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3,500 ඉක්මවනවා.

 



from Vidusara Science Magazine https://ift.tt/A8NGszj
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!