zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අයිසැක්මන්ට NASA මුලසුන අහිමි වෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

NASA ආයතනයේ ප්‍රධානියා හෙවත් Administrator තරතුර සඳහා තමන් විසින් ම යෝජනා කරනු ලැබ තිබූ බිලියනපති ව්‍යවසායක ජෙරාඩ් අයිසැක්මන්ගේ නම ඉවත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා.

ඇමරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍යජාලය වන Truth Social හි සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ඔහු ගැන ගැඹුරින් සිදු කළ සොයාබැලීමකට පසු මේ තීරණය ගත් බවයි. “සිය පූර්ව ආශ්‍රයන් ගැන සිදු කළ තරයේ සොයාබැලීමකින් පසු, මා NASA ප්‍රධානී වශයෙන් යෝජනා කළ ජෙරාඩ් අයිසැක්මන්ගේ නම ඉල්ලා අස් කරගන්නවා. අපගේ මෙහෙයුම සමඟ සමපාත වන, ඇමරිකාව අභ්‍යවකාශයේ ප්‍රථමස්ථානයේ ලා සලකන නව අපේක්ෂකයෙකු ඉදිරියේ දී නිවේදනය කෙරෙනු ඇති.”

මින් පෙර ෆෙඩරල් රජයේ තනතුරු නො දැරූ බිලියනපති ජෙරාඩ් අයිසැක්මන් NASA හි ප්‍රධානියා වශයෙන් යෝජනා කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ පසුගිය වසරේ දෙසැම්බරයේ යි.

ට්‍රම්ප් හිතවාදී ඊලෝන් මස්ක්ගේ SpaceX සමාගම සමඟ ඇතිකරගත් සහයෝගීතා පදනමක් මත තමාගේ ද මූල්‍ය දායකත්වයෙන් යුතු ව දියත් වූ Polaris මෙහෙයුම් ඔස්සේ දෙවරක් අභ්‍යවකාශයට පිවිස ඇති ජෙරාඩ් අයිසැක්මන්, පෞද්ගලික අංශයේ අභ්‍යවකාශ මෙහෙයුමක් අතරතුර අභ්‍යවකාශ සක්මනක නිරත වූ පළමු අභ්‍යවකාශගාමියා ද වනවා.

NASA ප්‍රධානී ලෙස අයිසැක්මන්ගේ නම ඉවත්කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා ලිස් හූස්ටන් පවසා සිටියේ NASA ආයතනයේ ප්‍රධානියා වීමට සුදුසු වන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ න්‍යායපත්‍රයට අනුගත ව කටයුතු කළ හැකි නායකයෙකු බවයි.

ට්‍රම්ප් ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු නව ප්‍රධානියෙකු පත් කර එවන තුරු එම ධුරයේ වැඩ බැලීම සඳහා කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කළ ජෙනට් පෙට්‍රෝ පත් කරන ලද අතර මේ වන තුරු ද ඇය එම ධුරයේ කටයුතු කරනවා. NASA ඉතිහාසයේ තාවකාලික ව හෝ ප්‍රධානී ලෙස කාන්තාවක් පත් වීම් ලද පළමු අවස්ථාව වන්නේ එයයි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/beWDKnP
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!