zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

2024 YR4 සඳ හා ගැටීමේ සම්භාවිතාව ඉහළට

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

වාර්තාගත ග්‍රහක අතරින් පෘථිවියේ ගැටීමට වැඩ ම සම්භාවිතාවක් තිබූ ග්‍රහකය ලෙස සුළු කලකට ඉහත දී සලකනු ලැබූ 2024 YR4 ග්‍රහකය නැවත වතාවක් පුවත් මවමින් සිටිනවා. ඒ 2032 වසරේ දී එය සඳ හා ගැටීමට ඇති සම්භාවිතාව නැවතත් වැඩි වීම සමඟයි.

NASA නිවේදනය කරන පරිදි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සතු ආසන්න-අධෝරක්ත කැමරාව උපයෝගී කරගනිමින් සිදු වූ නව නිරීක්ෂණ මඟින් පෙනී ගොස් තිබෙන්නේ මින පෙර සඳේ ගැටීමට තිබූ 3.8% ක සම්භාවිතාව 4.3% දක්වා ඉහළ ගොස් ඇති බවයි. ජෝන් හොප්කින්ස් ව්‍යවහාරික භෞතීය විද්‍යා පර්යේෂණාගාරයේ ඇන්ඩි රිව්කින් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් විසින් මීට අදාළ නව ගමන් පථය ගණනය කර තිබෙනවා.

“දත්ත ලැබෙනවාත් සමඟ ගැටුම් සම්භාවිතාවත් වෙනස් වීම සාමාන්‍ය දෙයක්” බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. කෙසේ නමුත් මෙම ඝට්ටනය සිදු වුව ද ඉන් සඳේ කක්ෂය වෙනසකට ලක් නො වන බව ද නිවේදනය තහවුරු කරනවා.

බෙන්ගලූරුහි ඉන්දීය තාරකා භෞතික විද්‍යා ආයතනයේ කටයුතු කළ පර්යේෂකයෙකු වන තාරකා විද්‍යාඥ පවන් කුමාර් ද සඳහන් කරන්නේ ගැටුම සිදු වුවත් සඳ ආරක්ෂිත බවයි. ගැටුම නිසා සුන්බුන් කැබලි අභ්‍යවකාශයට විසිරී යන්නට හැකි වුවත්, එවා පෘථිවි වායුගෝලයේ දී නියත වශයෙන් ම දැවී යන තරමේ කුඩා කොටස් වන බවයි ඔහු පවසන්නේ.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/Vp06sHK
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!