මීළඟ NASA ප්‍රධානී ලෙස තමා ස්ථිර කරනු ලැබුවහොත් ඇමරිකානු ගගනගාමීන් අඟහරු වෙත යැවීම ප්‍රමුඛත්වයෙහි ලා සලකන බව බිලියනපති ව්‍යවසායක ජෙරාඩ් අයිසැක්මන් (Jared Isaacman) පසුගිය බදාදා එරට සෙනට් සභාව විසින් පත් කරන ලද මණ්ඩලයක් ඉදිරියේ කරුණු දක්වමින් පවසා සිටියා.
කෙසේ නමුත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 2027 දී නැවතත් මිනිසුන් සඳ මතට ගෙනයාමේ සැලසුම අත්හැර නො දමන බවයි. කෙසේ නමුත් රතු ග්‍රහයා වෙත යාම වඩාත් වැදගත් තැනක ලා සලකන බව ඔහු අවධාරණය කර තිබෙනවා.
42 හැවරිදි අයිසැක්මන් NASA ආයතනයේ 15 වැනි ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් වගකීම් ඉටු කිරීමට සුදුසු ද යන්න තහවුරු කිරීම සඳහා මෙකී මණ්ඩලය ඉදිරිපිටට කැඳවා තිබුණා. ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු, ධුරයේ දිවුරුම්දීමට පෙර සිට ම ට්‍රම්ප් සඳහන් කර තිබුණේ සිය පරිපාලනය යටතේ NASA ප්‍රධානියා ලෙස අයිසැක්මන් කටයුතු කරන්නේ නම් තමා කැමැති බවයි.
බයිඩන් පාලනය යටතේ වූ NASA ප්‍රධානී බිල් නෙල්සන් එම ධුරයෙන් ඉවත් ව යාමත් සමඟ මේ වන තුරු ම තනතුරේ කටයුතු ඉටුකරමින් සිටින්නේ ට්‍රම්ප් පාලනය විසින් අන්තර්වාර ප්‍රධානී ලෙස පත් කරන ලද ජෙනට් පෙට්‍රෝයි. ඇය NASAහි (වැඩ බලන) ප්‍රධානී ලෙස පත් වූ ප්‍රථම කාන්තාව වීම ද විශේෂත්වයක්.
SpaceX මෙහෙයුම්වලට පාර්ශ්වකරුවෙකු ලෙස සම්බන්ධ වෙමින් මුදල් ආයෝජනය කර දෙවතාවක් ම අභ්‍යවකාශ මෙහෙයුම්වල නිරත වූ ජෙරඩ් අයිසැක්මන් Shift4 නමැති ගෙවීම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ද වනවා.
අඟහරු තරණයට වැඩි ප්‍රමුඛත්වයක් ලබාදීමට තමා බලාපොරොත්තු වන බව පැවසූ අයිසැක්මන් වැඩිදුරටත් අදහස් දක්වා තිබුණේ, අඟහරු වෙත යන ගමනේ දී සඳ මතට යළි ස්ථිරසාර ලෙස යාමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් කොහොමත් ඇමරිකානුවන් සතු ව තිබෙනු ඇති බවයි.
CNN ඇසුරෙනි.
නිම්නා අමරසේකර
from Vidusara Science Magazine https://ift.tt/4DMzsXr
via Magazine
Post a Comment