zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සඳේ නො පෙනෙන පැත්තෙන් ගෙන ආ පස් සාම්පල වඩාත් වියළි ස්වභාවයක් පෙන්නුම් කරයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

චන්ද්‍රයාගේ නො පෙනෙන පැත්තේ සිට ගෙන්වාගත් පස් හා පාෂාණ සාම්පල අධ්‍යයනය කර බලන විට, එම පස පෘථිවියට මුහුණ ලා ඇති පසට වඩා වියළි සහගත බව පෙනී යන බව චීන විද්‍යාඥයන් පසුගිය දා වාර්තා කළා.

කෙසේ නමුත් මේ ගැන තහවුරු කරගැනීම සඳහා ඉදිරියේ දී තවත් සාම්පල අවශ්‍ය වනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

Chang’e 6 යානය සුමට ලෙස ගොඩබස්වමින් සඳේ නො පෙනෙන පෙදෙසට ගොඩබට පළමු රට බවට පත් වන්නට චීනය සමත් වුණේ පසුගිය වස⁣රේයි. මෙම මෙහෙයුම මඟින් සෞරග්‍රහ මණ්ඩලයේ ඇති පැරැණිතම ඝට්ටන ආවාටයක් ලෙස සැලකෙන South Pole-Aitken ද්‍රෝණියෙන් මෙකී පස් සහ පාෂාණ සාම්පල රැස්කරගනු ලැබුණා.

මෙලෙස ගෙන්වා ගත් සාම්පලවලින් ග්‍රෑම් 5ක නියැදියක් චීන විද්‍යා ඇකඩමියේ (Chinese Academy of Science) විද්‍යාඥ සෙන් හු (Sen Hu) ඇතුළු පර්යේෂණ කණ්ඩායමට ද හිමි ව තිබුණා. ඔවුන් එම අංශු 578ක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ මඟින් ගැඹුරු විශ්ලේෂණයට ලක් කළා. ඉන් ඔවුන්ට පෙනී ගොස් තිබුණේ මේ පස් සාම්පල ග්‍රෑමයක් තුළ අන්තර්ගත ජල ප්‍රමාණය මයික්‍රොග්‍රෑම් 1.5ට අඩු බවයි. මෙය සඳේ පෘථිවිට පෙනෙන පැත්තේ නම් මයික්‍රොගෑම් 1 සිට 200 දක්වා අගයක් ගන්නවා.

කෙසේ නමුත් සොයාගැනීම පළ වූ Nature ජර්නලයේ සඳහන් ව ඇති පරිදි මේ විශ්ලේෂණයෙන් පමණක්, මේ තත්ත්වය සඳේ මුළු නො පෙනෙන පැත්තට ම බලපැවැත්වෙන බව නිගමනය කිරීමට ප්‍රමාණාත්මක සාක්ෂි මෙතෙක් සොයාගෙන නැහැ. සෙන් හු පවසන්නේ මේ තත්ත්වය එම පෙදෙසට පොදු සාධකයක් දැ යි හඳුනාගැනීමට නුදුරේ තවත් සාම්පල අධ්‍යයනය කිරීමට අවශ්‍ය වන බවයි.

Associated Press ඇසු⁣රෙනි.

⁣සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/tB7XrLx
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign