zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

SPHEREx සහ PUNCH අනිද්දා අභ්‍යවකාශයට

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

NASA ආයතනය විසින් දියත් කිරීමට සැලසුම් කර ඇති SPHEREx සහ PUNCH මෙහෙයුම් ද්විත්වය දියත් කිරීම හෙට දිනය (06) (ශ්‍රී ලංකා වේලාවෙන් 7 වැනි දා හෙවත් අනිද්දා) දක්වා කල් දමා තිබෙනවා. ඒත් සමඟින් මේ මෙහෙයුම් යුගලය කල් දැමුණු වාර ගණන හතර දක්වා ඉහළ යනවා. මුල් සැලසුම අනුව යානා දියත් කිරීම සිදුවීමට නියමිත ව තිබූයේ ඉකුත් පෙබරවාරි 27 දිනයි.

වාර කිිිිිිහිපයක දීම කල් දැමීම සිදු වූයේ මෙහෙයුම් අභ්‍යවකාශගත කෙරෙන Falcon 9 රොකට්ටුවේ පරීක්ෂාවන් සහ සැකසුම්ගතකිරීම් සඳහා කාලය ලබා ගැනීමට බව NASA ආයතනය සඳහන් කර තිබුණා.

මේ දියත් කිරීමට අඩංගු වන වැදගත් ම යානය ලෙස සැලකෙන්නේ Spectro-Photometer for the History of the Universe, Epoch of Reionization and Ices Explorer හෙවත් SPHEREx නමැති කේතු ආකාර හැඩයකින් යුතු සුදු පැහැති විශාල යානයයි. අධෝරක්ත වර්ණාවලීක්ෂය හරහා විශ්වය ඡායාරූපගත කිරීම එහි ප්‍රමුඛ රාජකාරිය වනවා. එය ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයට සමාන ක්‍රියාකාරිත්වයකින් වැඩ කරන නමුත්, ඊට වඩා වැඩි වපසරියක් හසු වන පරිද්දෙන් තැනී තිබෙනවා.

PUNCH ‌හෙවත් Polarimeter to Unify the Corona and Heliosphere යනු සූර්යයා අධ්‍යයනය සඳහා යෙදවෙන චන්ද්‍රිකා හතරකින් යුතු කුඩා චන්ද්‍රිකා පොකුරක්. සූර්යයාගේ සිට නික්මෙන කිරීටක ස්කන්ධ විධාරණ (coronal mass ejections-CME), සූර්ය සුළඟ මෙන් ම සූර්යයාගේ කිරීටය අධ්‍යයනය කිරීම එහි අරමුණයි.

මෙහෙයුම් දෙක ම එක ම රොකට්ටුවකින් අභ්‍යවකාශගත කෙරෙන්නේ ඒ සඳහා වැය වන මුදල කාර්යක්ෂම ව කළමනාකරණය කරගැනීම සඳහා NASA ගත් තීරණයකට අනුවයි.

මෙහෙයුම නැවත වතාවක් කල් නො ගියහොත් නැගෙනහිර වේලාවෙන් හෙට පස්වරු 10:09ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් 7 වැනි සිකුරාදා උදෑසන 8:39ට) කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ දියත් කිරීම් මධ්‍යස්ථානයේ සිට එය උඩුගුවන බලා ගමන් ඇරඹීමට නියමිතයි.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/tw6O7UE
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign