උතුරු ඇමරිකාවේ විසූ බවට සැලකෙන ආදිතම මිනිසුුුන් අදින් වසර 20,000කට පමණ පෙර භාණ්ඩ මෙන් ම ඇතැම් විට මිනිසුන් ද ප්‍රවාහනය සඳහා දැවයෙන් තනාගත් ‘රථ’ යොදාගෙන ඇතැ යි සිදුකරන ලද නව අධ්‍යයනයක් පෙන්වා දෙනවා.
පර්යේෂකයන් මේ බව සොයාගෙන තිබෙන්නේ නිව් මෙක්සිකෝවේ වයිට් සෑන්ඩ්ස් ජාතික උද්‍යානයේ පිහිටි ආදිතමයන් ඇවිද ගිය අඩි සලකුණු සටහන් ව ඇති අඩිමාර්ගයක් වෙත අවධානය යොමු කිරීමේ දීයි. උතුරු ඇමරිකාවේ පැරණිතම මිනිස් පා සටහන් සටහන් ව ඇති මේ අඩිපාර දිගේ දිවෙන, යමක් බිම මත ඇදගෙන ගොස් ඇති බවක් පෙන්නුම් කෙරෙන සලකුණු පර්යේෂකයන්ගේ නෙත ගැටී තිබෙනවා.
පර්යේෂණය අතරතුර දී කරුණු විමසීමට භාජනය වූ ආදිවාසී ජනයා පවසා ඇත්තේ එම සලකුණු ඉතිරි ව ඇත්තේ ලී දඬු දෙකක් කතිර හෝ V හැඩයට බැඳ, සකසා තනාගන්නා ලද බඩු ප්‍රවාහනය පහසු කරගැනීම සඳහා තැනූ ව්‍යුහයන්ගෙන් බවයි.
මහා තැනිතලා භූමි ලෙස හඳුන්වනු ලබන මෙකී ප්‍රදේශයන්හි විසූ ඉපැරැන්නෝ අදින් වසර 500කට පමණ පෙර යුරෝපානු ජනපදිකයන් සමඟ අන්තර්ක්‍රියා කරන විට සුනඛයන් මෙන් ම අසුන් ලවා ද යුකුළ වැනි කරත්ත ව්‍යුහයන් භාවිත කරමින් සිය නිවාස, ගෘහ භාණ්ඩ මෙන් ම අනෙකුත් බඩු බාහිරාදිය ප්‍රවාහනය කරන්නට පුරුදු ව සිටි බව අධ්‍යයනය පෙන්වාදෙනවා. එකල කුඩා දරුවන් සහ මහලු උදවිය ද මේවා මත නැඟී යාම සිදු වුුුණා. කෙසේ නමුත් මේ වඩාත් ඉපැරැණි සලකුණු අධ්‍යයනය කරන විට, බොහෝ විට වැඩිහිටියන් විසින් මෙකී මුල් කාලීන යකුළු ඇදගෙන යනු ලබන්නට ඇති බවත්, දරුවන් එ පසුපස ඇවිද යන්නට ඇති බව පෙනී යන බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.
“දරුවන් සමඟ සුපර් මාකට් එක වටේ ට්‍රොලිය තල්ලු කරගෙන රාක්කයෙන් රාක්කයට යන එක බොහෝ දෙනෙකුට සමීප අත්දැකීමක්. මේ ඒ හැසිරීමට ආදිකාලීන ආදේශකය වෙන්න පුළුවන්. හැබැයි රෝද නැතිව.” අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ, පාරසරික සහ භූ විද්‍යා මහාචාර්ය මැතිව් බෙනට් සඳහන් කරනවා. ඔවුන්ගේ අධ්‍යයනය වාර්තාව පසුගිය දා Quaternary Science Advances ජර්නලයේ පළ වුණා.
Live Science ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්
from Vidusara Science Magazine https://ift.tt/8M1QRNs
via Magazine
Post a Comment