දශක ගණනක උපකල්පනයන් තහවුරු කරමින් ප්‍රථම වතාවට නෙප්චූන්ගේ වායුගෝලයේ සිදුවන අධෝරක්ත ඌෂාලෝක ක්‍රියාකාරකම් දැකබලා ගැනීමට පර්යේෂකයන් සමත් වී තිබෙනවා.
1989 දී NASA ආයතනයේ Voyager 2 යානය නෙප්චූන් අසලින් පියාසර කරන විට, ග්‍රහයා සතු යෝධ අයිස් වලාවන් අතර සිදු වන අවුරෝරා හෙවත් ඌෂාලෝක ක්‍රියාකාරකම් පිළිබඳ ඉඟි ග්‍රහණය කරගන්නට සමත් ව තිබුණා. කෙසේ නමුත් යානය සතු වූ උපාංග සාපේක්ෂ වශයෙන් දුර්වල වූ නිසා, එකල ඒ සංසිද්ධිය තහවුරු කරගැනීමේ හැකියාවක් විද්‍යාඥයන් හට තිබුණේ නැහැ. එහෙත් අවසානයේ අති නවීන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මෙවර ඒ මඟහැරුණු හපන්කම සිදුකිරීමට සමත් වී තිබෙනවා.
“මෙය වසර ගණනක පුරා ගොඩගැසුණු අපේක්ෂාවක ඉටුවීමක්” වොෂින්ටන් ඩීසී හි Association of Universities for Research in Astronomy සංසදයේ Heidi Hammel පවසනවා.
Hammel සහ පර්යේෂණ සගයන් ජේම්ස් වෙබ් දුරේක්ෂයේ ඇත් NIRSpec නමැති බලසම්පන්න අධෝරක්ත ඡායාරූපණ උපාංගය යොදාගනිමින් නෙප්චූන් ඡායාරූපගත කළ අතර පසු ව ග්‍රහලොව මඟින් නිකුත් කෙරෙන ආලෝකය විවිධ තරංග ආයාම යටතේ විශේලේෂණය කර බැලුවා. 2023 වසරේ මේ ක්‍රමය ම යොදාගනිමින් යුරේනස් වායුගෝලයේ අධෝරක්ත උෂාලෝක දැකබලාගැනීමට හැකියාව ලැබී තිබූ අතර මෙවර නෙප්චූන් ග්‍රහලොවේ ද එම සංසිද්ධිය දැකබලාගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
නිම්නා අමරසේකර
from Vidusara Science Magazine https://ift.tt/tOBpmsq
via Magazine
Post a Comment