zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

⁣අන්තර්තාරීය අවකාශයේ සිට එන තුන්වැනි අමුත්තා

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

සෞරග්‍රහ මණ්ඩලයට එපිට සම්භවයක් සහිත වස්තුවක් වේගයෙන් සූර්යයා දෙසට සමීප වෙමින් පවතිනවා. ධූමකේතුවක් බවට විශ්වාස කෙරෙන මේ වස්තුව නම් කර ඇත්තේ 3I/ATLAS ලෙසයි. 2017 දී සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වූ Oumuamua ග්‍රහකය සහ 2019 දී ඇතුළු වූ 2I/Borisov ධූමකේතුවෙන් පසු අන්තර්තාරීය අවකාශයේ සිට සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වන තුන් වැනි වස්තුව මෙයයි.

චිලී රාජ්‍යයේ රියෝ හර්ටාඩෝහි පිහිටා ඇති NASA ආයතනයෙන් මෙහෙයවෙන ATLAS (Asteroid Terrestrial-impact Last Alert System) දුරේක්ෂ පද්ධතිය විසින් මෙය පළමු වරට නිරීක්ෂණය කරනු ලැබුණේ ඉකුත් ජුලි 01 දිනයි. එවිට එය තාවකාලික ව C/2025 N1 (ATLAS) ලෙස නම් තරනු ලැබුණා. පසු ව මෙවැනි වස්තූන් නම් කිරීම සඳහා බලය තිබෙන Minor Planets Center විසින් එය 3I/ATLAS ලෙස නම් කරනු ලැබුවේ ‘3I’ යන්නෙන් අන්තර්තාරීය අවකාශයෙන් පැමිණි තෙවැනි සාමාජිකයා යන්න අරුත් ගන්වමින්.

මේ වන විට 3I/ATLAS ඇත්තේ සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 4.5ක – නෙ එසේ නම්, කිලෝමීටර මිලියන 670 ක් පමණ දුරින්. මේ වන විට එය 18.8ක් වැනි අඩු දීප්තියකින් යුතු වක බැවින් ආධුනික දුරේක්ෂ භාවිතයෙන් නිරීක්ෂණය කළ නො හැකි වන නමුත්, කෙමෙන් හිරුට ළං වන විට නිරීක්ෂණය කළ හැකි වෙතැ යි අපේක්ෂා කෙරෙනවා. සිදුකර ඇති ගණනයන්ට අනුව එලැඹෙන ඔක්තෝබර් 30 වැනි දා එය සිය සූර්ය සමීපකයට (perihelion) ළඟා වනු ඇති අතර සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 1.4ක් දුරින් – එනම් අඟහරුගේ කක්ෂය අභ්‍යන්තරයට පැමිණ යළි පිටතට ඇදී යාම අරඹනු ඇති.

සත්‍ය හෙට්ටිආරච්චි



from Vidusara Science Magazine https://ift.tt/UkPXVKI
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!