zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඇන්ටාක්ටිකාවේ පර්යේෂණ මධ්‍යස්ථානයක පහර දීමක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඇන්ටාක්ටිකාවේ පිහිටි දකුණු අප්‍රිකාවට අයත් SANAE IV පර්යේෂණ මධ්‍යස්ථානයේ කටයුතු කරන පර්යේෂකයෙකු ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති බවට වාර්තා වනවා. කණ්ඩායමේ එක් අයෙකු විසින් පර්යේෂණාගාරයේ සියලු මෙහෙයුම් කළමනාකරණය කෙරෙන මව් ආයතනය වන දකුණු අප්‍රිකාවේ වන, මත්ස්‍ය සහ පරිසර දෙපාර්තමේන්තුව (DFFE) වෙත ඊමේල් මඟින් දන්වා එවා ඇත්තේ අදාළ පුද්ගලයා කණ්ඩායමේ තවත් සාමාජිකයෙකුට පහර දී ඇති බවයි.

DFFE විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ වහා ම අදාළ පුද්ගලයා පිළිබඳ විමර්ශන ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි. කෙසේ වෙතත් නව දෙනෙකුගෙන් යුතු පර්යේෂණ කණ්ඩායමේ කිසිවකු ආපිට සිය රටට කැඳවීම සඳහා සැලසුම් කර නොමැති බව ද නිවේදනයේ සඳහන්.

චෝදනාවට ලක් වූ පුද්ගලයා ස්ව කැමැත්තෙන් ම මානසික තත්ත්ව ඇගැයීමකට මුහුණ දී ඇති බවත්, සිදුවීම ගැන කනගාටුව පළ කර ඇති බවත්, යෝජනා කෙරෙන උපදෙස් හා මැදිහත් වීම් පිළිපැදීමට සහයෝගය දක්වන බවත් CNN කළ විමසුමක දී DFFE දැනුම් දී තිබෙනවා.

DFFE වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිය පර්යේෂණ කණ්ඩායමට අයත් සාමාජිකයන් දෙදෙනෙකු සම්බන්ධ පහර දීමක් පිළිබඳව සහ ලිංගික අපයෝජන චෝදනාවක් පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු වෙමින් පවතින බවයි. පෙබරවාරි 27 වැනි දා මේ බව දන්වමින් පැමිණිල්ලක් ලැබී ඇති බවත්, අනන්‍යතා හෙළි නො කර විමර්ශන සිදුකෙරෙමින් පවතින බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

මේ සිදුවීම පළමු වරට ලෝකයට හෙළි වුණේ දකුණු අප්‍රිකාවේ පළ වන Sunday Times පුවත්පතේ පුවතක් ලෙසින් පළ වීමත් සමඟයි. අදාළ පුද්ගලයා පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියාට පහර දී මරණ තර්ජනය කළ බවටත් පැමිණිලි කරමින්, කණ්ඩායමේ සාමාජිකයෙකු විසින් DFFE වෙත එවන ලද ඊමේල් පණිවුඩයක් පිළිබඳ ඉන් විස්තර කෙරුණා. “ඔහුගේ හැසිරීම අතිශය පීඩාකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා. මට ආත්මාරක්ෂාව ගැන දැඩි ලෙස සැලකිලිමත් වන්නටත්, මීළඟ වින්දිතයා මා වීමට නො හැකි දැ යි සිතමින් වද වෙන්නටත් සිදුවෙලා.” යැ යි ඊමේල් පණිවුඩයේ සඳහන් ව ඇති බව අප්‍රිකාවේ Sunday Times පුවත්පත වාර්තා කර තිබුණා.

ලොව ශීතාධික ම මහාද්වීපය වන ඇන්ටාක්ටිකාවේ පර්යේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන එක ම අප්‍රිකානු රට වන්නේ දකුණු අප්‍රිකාවයි. SANAE IV නම් වන මෙය 1960 දී පිහිටුවා ඇති අතර සෑම මාස 13කට වරක් නව දෙනෙකුගෙන් යුතු පර්යේෂණ කණ්ඩායමක් ඒ වෙත යැවෙනවා. එකිනෙකට සම්බන්ධිත මහල් දෙකකින් යුුතු ගොඩනැගිලි තුනකින් සමන්විත SANAE IV මධ්‍යස්ථානයට සැතපුම් 118ක් දුරින් නෝර්වේ රාජ්‍යයට අයත් Troll Base මධ්‍යස්ථානයත්, සැතපුම් 132ක් දුරින් ජර්මනියට අයත් Neumayer Station III මධ්‍යස්ථානයත් පිහිටා තිබෙනවා.

ඉකුත් දෙසැම්බර් මාසයේ SA Agulhas II නැවෙන් එහි පිවිසි පර්යේෂණ කණ්ඩායම සිය මෙහෙයුම් කටයුතු ඇරඹුවේ ඉකුත් පෙබරවාරි 01 වැනි දිනයි.

පර්යේෂණ මෙහෙයුම් සඳහා මෙකී දුරස්ථ පර්යේෂණ මධ්‍යස්ථානය වෙත යැවීමට පෙර, සිය සාමාජිකයන් හට හුදකලා බව දරාගැනීමට මෙන් ම මධ්‍යස්ථානයේ ඇති සීමිත ඉඩකඩ තුළ අනෙකුන් සමඟ සහජීවනයෙන් වාසය කිරීමට හැකි ද යන්න පරීක්ෂාකර බැලෙන බව ද DFFE පහදා දී තිබෙනවා.

CNN, BBC ​සහ The Guardian ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි



from Vidusara Science Magazine https://ift.tt/h213QNf
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign