zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

නව මසකට පසු බුච් විල්මෝර් සහ සුනී විලියම්ස් පොළොවට පැමිණෙති

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

බුච් විල්මෝර්, සුනී විලියම්ස්, Nick Hague සහ රුසියානු විශවගාමී Aleksandr Gorbunovගෙන් සමනුවිත Crew-9 මෙහෙයුමේ ගගනගාමීන් රැගත් Crew Dragon ‘Freedom’ කැප්සියුලය ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 2.24ට පමණ ෆ්ලොරීඩාහි වෙරළ තීරයට ඔබ්බෙන් පිහිටි අත්ලාන්තික් සාගරයට පහත් වුණා. මේ සමඟින් පසුගිය වසරේ ජුනි මස ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට පිවිසි බච් විල්මෝර්ගේ සහ සුනී විලියම්ස්ගේ අනපේක්ෂිත ලෙස මාස 9ක් දක්වා දිග්ගැස්සුණු දිගු අභ්‍යවකාශ සැරිය නිමාවට පත් වනවා.

සාගරය මතට පහත් වීමෙන් පැයක් ඇතුළත ඒ වෙනුවෙන් ම යොදන ලද SpaceX නෞකාවක් මඟින් කැප්සියුලය ගොඩට ගැනුණා. සුරක්ෂිතතා පිරික්සීමකින් අනතුරුව යානයේ අගුළ විවෘත කෙරුණු අතර ගගනගාමින් සිව් දෙනා ට්‍රොලි මත දිගා කරවා පිටතට ගනු ලැබුණා. කලක් තිස්සේ අභ්‍යවකාශයේ ශුන්‍ය ගුරුත්වයට හැඩගැසී තිබූ ඔවුන්ගේ සිරුරු ඒ වන විටත් පෘථිවි ගුරුත්වයට හැඩගැසෙමින් තිබීම එයට හේතුවයි.

SpaceX නෞකාවේ සිටින කාලය ඇතුළත ඔවුන් සිව්දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පිරික්සා බැලෙන අතර, ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවන් නොමැති බව තහවුරු කරගැනීම ද සිදු වනවා.

වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව Crew-9 කණ්ඩායම හෙලිකොප්ටරයකින් ෆ්ලොරීඩාවේ පිහිටි ගුවන්තොටුපොළක් වෙත රැගෙන යනු ලබන අතර, එතැන් සිට හූස්ටන්හි එලිංටන් ධාවන පථය වෙත පියාසර කෙරෙන ගුවන් යානයක අසුන් ගැනීමට නියමිතයි.

NASA වෙත පැමිණීමෙන් අනතුරුව ද ඔවුන් වෛද්‍ය පරීක්ෂණවලට ලක් වීමට නියමිතයි.

Boeing Starliner කැප්සියුලයේ නැඟී ප්‍රථම පරීක්ෂණ පියාසැරියක නිරත වෙමින් බුච් විල්මෝර් සමඟ සුනීතා විලියම්ස් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත පැමිණියේ ඉකුත් වසරේ ජුනි මාසයේයි. එය දින අටක මෙහෙයුමක් වුවත් Starlinerහි ඇති වූ හීලියම් කාන්දු වීම් සහ තවත් සංකීර්ණතා හේතුවෙන් ආපසු පොළොවට පැමිණීමට නො හැකි ව දිගින් දිගට ම ඔවුන් හට අභ්‍යවකාශ නැවතුම්පොළේ සහෝදර ගගනගාමීන් සමඟ රැඳී සිටින්නට සිදු වුණා. ගගනගාමීන් සහිත ව පොළොව බලා ගමන් ඇරඹීම අවදානම් සහගත බව තීරණය කළ NASA ආයතනය, පසුගිය සැප්තැම්බර් මාසයේ Starliner යානය හිස් ව පොළොවට ගෙන්වා ගත් අතර, එම මෙහෙයුමේ ගගනගාමීන් දෙදෙනා Crew-9 මෙහෙයුම සඳහා අනුයුක්ත කෙරුණා.

බොහෝ ජනමාධ්‍ය විසින් ඔවුන් අභ්‍යවකාශ නැවතුම්පොළේ ‘​සිර වී’ සිටින බව හුවා දක්වමින් පුවත් පළ කිරීමත් සමඟ පොළොවේ බොහෝ දෙනාගේ ඇස් ඔවුන් දෙදෙනා වෙත යොමු වූ අතර පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්, මෙන් ම ඔහුගේ ප්‍රබල අනුග්‍රාහකයෙකු වූ ඊලෝන් මස්ක් විසින් සිය ප්‍රතිවාදියා වූ එවක ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනය දුර්වල බව පෙන්වීමට ද මෙම යොදාගනු ලැබුණා.

NASA ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/xaD1riV
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign