zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සඳ මතට බට ඇතීනා පෙරළෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මිනිසා යළි සඳ මතට රැගෙන යාම සඳහා වැදගත්වන දත්ත රැස්කිරීම සඳහා චන්ද්‍රයා මතට යවන ලද Athena යානය ගොඩබැසීමේ දී සඳ මත පෙරළී ගොස් තිබෙනවා. Intuitive Machines සමාගම පසුගිය සිකුරාදා නිවේදනය කළේ මේ අනපේක්ෂිත සිදුවීමත් සමඟින් කණගාටුදායක ලෙස Athenaගේ සියලු මෙහෙයුම් කටයුතු බොඳ ව යන බවයි.

ඉකුත් මාසයේ අභ්‍යවකාශගත කෙරුණු, ටෙක්සාස්හි පිහිටි අභ්‍යවකාශ සමාගමක් වන Intuitive Machines විසින් නිෂ්පාදිත Athena චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ වූ අපේක්ෂිත ගොඩබැසුම් ස්ථානයට මීටර 250ක් දුරින් ගොඩබැසීම සිදු කළේ ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා දිනයි. ඉන්පසු ලෑන්ඩරයෙන් ලැබුණු දත්ත අධ්‍යයනය කළ ඉංජිනේරුවන් හට යානය පවතින්නේ නියම සිරස් ආකාරයෙන් නො වන බව හඳුනා ගන්නට අපහසු වී තිබුණේ නැහැ.

සමාගම ඉන් දිනකට පසු ප්‍රකාශ කළේ Athena යානය ‘මියගොස් ඇති’ බවයි.

“සූර්යයා පවතින දිශාව, සූර්ය පැනල හැරී ඇති දිශාව සහ ආවාටය තුළ ඇති කටුක සිසිල් වාතාවරණය ආදිය සලකාබැලීමෙන් පසු, Intuitive Machines සමාගම Athenaගේ ජවය ප්‍රතිආරෝපණයක් අපේක්ෂා කරන්නේ නැහැ.” මීටර 4.6ක් උසැති යානය පෙරළී ඇති බව සනාථ කරමින් ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

“මෙහෙයුම අවසන් කර ඇති අතර කණ්ඩායම් මෙතෙක් දුරට රැස් කරගත් දත්තවල වැදගත්කම තක්සේරුකරමින් සිටිනවා.” නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

1972න් පසු යළි මිනිසුන් සඳ මතට යැවීම සඳහා කටයුතු කරමින් සිටින NASA ආයතනයට වැදගත් වන අත්හදා බැලීම් ගණනාවක් මේ ලෑන්ඩරය සතු ව පැවතියා. එය IM සමාගම විසින් ඉකුත් වසරේ පෙබරවාරි මස සඳ මතට යැවූ Odysseus යානයට අතිශය ලෙස ඒ මොඩලයෙන් ම නිමාවා තිබුණා.

ඉකුත් වසරේ සඳ මතට සුමට ගොඩබැස්මක් සිදුකළ පළමු වාණිජමය යානය බවට පත්වීමට Odysseus සමත් වුවත්, අනතුරුව එහි වූ එක් පාදයක් බිඳී ගොස් පෙරළී ගියා. Athena ද එයට ම සමාන උසකින් සහ සැලැස්මකින් යුතු වීම මත ඇතැම් විශේෂඥයන් අදහස් පළ කරන්නේ යානයේ සැලැස්ම ගැන යළි සලකා නො බැලුවහොත්, මෙවැනි සිදුවීම් දිගින් දිගට ම සිදු විය හැකි බවටයි.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 



from Vidusara Science Magazine https://ift.tt/ig8x9U1
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign